lan englan tam

පුවත්

2016 කලාභූෂණ රාජ්‍ය සම්මාන පිරිනැමීම අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 32 වන වරට සංවිධානය  කරනු ලබන  2016 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 23දා ‍පෙරවරු 10.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී  අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා  සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්ට නව නිර්මාණ බිහිකරමින් සුවිශේෂ මෙහෙවරක් ඉටුකර වයස අවු.60 ඉක්ම වූ , දැනට ජීවිතයේ සැඳෑ සමය පසුකරමින් සිටින සිංහල, දමිළ හා මුස්ලිම් කලා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස මෙවර සිංහල, දෙමළ හා මුස්ලිම් කලාකරුවන් 351 දෙනෙක් සඳහා කලාභූෂණ සම්මාන පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ලංකාවේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල කලාශීල්පීන් 256 දෙනෙක් ද, දමිළ කලාශිල්පීන් 70 දෙනෙක් හා මුස්ලිම් කලාශිල්පීන් 25 දෙනෙක් කලාභූෂණ සම්මාන සඳහා තෝරාගෙන ඇති අතර සිංහල කලාකරුවන් අතරින් නර්තන අංශයෙන් කලාශිල්පීන් 29 ක් ද, නාට්‍ය හා රංගන අංශයෙන් කලාශිල්පීන් 41 දෙනෙක් ද, සාහිත්‍ය අංශයෙන් කලාශිල්පීන් 122 දෙනෙක් ද, චිත්‍ර හා මූර්ති අංශයෙන් කලාශිල්පීන්  31 දෙනෙක් ද, සංගීත ශිල්පීන් 22 දෙනෙක් හා අනිකුත් කලා ක්ෂේත්‍රවලින් කලාශිල්පීන්  11 දෙදෙනෙක් ද තෝරාගෙන ඇත. 

 

Back to top
Go to bottom

Popular News