lan englan tam

පුවත්

La La Land ග්ලෝබ් සම්මාන උලෙළේ දැවැන්ත ජයග්‍රාහනයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලොව ජනප්‍රිය සිනමා සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග්ලෝබ් සිනමා - ටෙලිවිෂන සම්මාන උලෙළ පසුගිය 08 වැනිදා කැලිෆෝනියාවේ බෙවර්ලි හිල් හිදී පැවැත්විණි.

 එහිදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඩේමියන් චාසෙල් අධ්‍යක්ෂණය කළ La La Land  චිත්‍රපටය සමත් විය. 

ඒ අනුව La La Land  විසින් 74 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී සම්මාන 7ක් දිනා ගන්නා ලදී.

"ලා ලා ලෑන්ඩ්" පියානෝ වාදකයකු සහ හොලිවුඩ් නිළියක අතර ආදර අන්දරයක්ද දැක්වෙන කතා තේමාවකින් යුක්තය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත "බ්‍රිටිෂ් ඇකඩමි ඔෆ් ෆිල්ම්ස් ඇන්ඩ් ටෙලිවිෂන් ආර්ට් (BAFTA)" සම්මාන උලෙළේද සම්මාන 11ක් උදෙසා La La Land නාමයෝජනා වෙමින් එම සම්මාන උලෙළේ සම්මාන අතර ඉදිරියෙන් සිටින බව පසුගියදා ප්‍රකාශයට පත් වී ඇත.

 

kemadasa

Back to top
Go to bottom