
2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උළෙලේ ශ්රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවෙනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ "මෝටර් බයිසිකල්" සිනමාපටය "රුසියානු සිනමා විචාරක සංසදය" විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් උළෙලේ ප්රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්රී ලාංකේය සිනමාපටයක් හිමිකම් කියූ පළමු අවස්ථාව "ද නිවුස්පේපර්" හරහා සටහන් වීම කැපී පෙනේ. එසේම කසාන් උළෙල නියෝජනයට වරම් ලද සිව්වෙනි ශ්රී ලාංකේය සිනමාපටය "ද නිවුස්පේපර්" විය. එහිදී "මෝටර් බයිසිකල්" හා "ද නිව්ස්පේපර්" ප්රධානතම තරගකාරී අංශය ( Full Length Feature Competition) යටතේද, සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහඟුන්" (2017 දී) සහ මාලක දේවප්රියගේ "බහුචිතවාදියා" (2018 දී) තරගයෙන් බැහැර වූ අංශය (Out of Competition) යටතේද උළෙලේ තිරගත විය.


