පසුගිය අරගල සමයේ කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් රංගනශිල්පී තුසිත ලක්නාත් හොරෙන්ම ලංකාවෙන් පැන්න ද? කියන කසුකුසුව කලා ක්ෂෙත්රයේ බොහෝ දෙනා අතර පැතිරෙනවා. ඒ වගේම තුසිත ට ගෙවා ගන්න බැරි ණය කන්දරාවක් ද තිබෙන බවයි සමහරු කියන්නේ. මේ වනවිට ලංකාවෙන් එළියට යන්න සූදානම් වන කාලකරුවන් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම කීප දෙනෙකු මේ වනවිට ලංකාවෙන් පිටවෙලා ඉවරයි.
ඒ බෙහෝ අය අරගල භූමියේ කැපී පෙනනෙ යම් යම් වැඩ වලට දායක වූ අය.තුසිත දෙවැනි ඉනිමේ 'රණා' ගෙ චරිතය තුළින් තමයි වඩාත්ම ජනප්‍රිය වෙන්නේ. නමුත් ඔහු දක්ෂ වේදිකා සිනමා හා රූපවාහිනී චරිතාංග රංගනශිල්පියෙක්. ඔහු මේ වනවිට ලන්ඩනයේ ජීවත්වෙනවා. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙක්.ඔහු සිය ෆේස්බුක් පිටුවෙන් සිය පැනයාම පිළිබඳව මෙවන් සටහනක් තියලා තිබෙනවා.හැමෝටම තියෙනවා කියන්න කතාවක්. මේ තුසිතගේ කතාව.

උපුටාගැනීම
"අදාල ලියකියවිලි නීත්‍යානුකූලව සපයලයි මං සහ මගේ පවුල ලන්ඩන් වලට ආවෙ. ලංකාවේ සිට ලන්ඩන් පැමිණිම සමාජ මාධ්‍යයෙන් සමාජ ගත නොකල බව ඇත්තක්. අරගලයෙන් පලා ආව වගේ හැඟීමක් හෝ අරගලයට යම් පමණක දායකත්වයක් සපයා එයින් දේශපාලන සරණාගතයන් බවට පත්වීමට කිසිදු අදහසක් නැ. පශ්චාත් උපාධිය හැදැරීමේ අවසරයෙන් පශ්චාත් භාගය විකුණා හෝ ලංකාවෙන් පිටවීමට උත්සාහ කළ බව ඇත්තක්. අඩුම තරමේ එක බත් එක කාපු මටවත් කිව්වෙ නෑ කියල කියන අපේ හෘදයාංගම මිතුරන්ට කියන්න ඇත්තේ " මචංල... අඩුම තරමෙ මං මගේ අම්මටවත් කිව්වෙ නෑ යනව කියල" කියන එකයි. ඒ තරම්ම ලංකාව හැර යාමට ආත්මාර්ථකාමී අධ්යාෂයකින් පහුගිය වසර පුරාම මම පෙළුන බව ඇත්තක්. ඒ තරම් නරුම වීමට ප්‍රධාන හේතුව වන්නෙ ලංකාවෙ ඉඳල තව අවුරුදු සීයකටවත් ගෙවාගන්න බැරි නය ප්‍රමාණයක් අප සතුවීමයි. අම්මව අත්හැරීම වගේම ලඟින්ම හිටපු මිතුරන් සතුරන් බවට පත්වීමේ වේදනාව මං මේ මොහොත වන විට අත්විඳිනව.
මොනව උනත් සහකම්පිත ගොසිප් විරුවන්ගේ ග්‍රහණයට මගේ ෆේස්බුක් ගිණුම ලක්වේයැයි අනුමාන කළ නිසා කලින් සැලසුම් කරල කොළඹ මිතුරෙක් මගින් ගිනුම තාවකාලිකව අත්හැරීම ඇත්තක්. අද වෙනකං මගේ ප්‍රතිරූපයට හානිකිරීමේ අරමුණින් නගන චෝදනා ෆේස්බුක් මගින් වඩාත් ප්‍රචලිතව නොවුනෙ ඒ නිසයි. නළුවෙක් විදිහට මට කවදාකවත් මගේ ප්‍රතිරූපයක් කියන දේ පඩේකට වැදගත් නූනත් අනිත් අයට වැදගත් කියන දේ මං දැනං හිටපු දෙයක්.
අපි ලන්ඩන් වලට සැප් 14 ආවේ ලංකාවේ සිම් හතරක් එක්ක වැඩකරන එක් දුරකතනයක් අරගෙන. මාර්ග ගත බැංකු කටයුතු වලට ලංකාවෙ සිම් හතර මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්න උන නිසා සන්නිවේදන ගැටළු කීපයක් මතුවුනා.ක්‍රියාවිරහිත දුරකතනය පිළිසකර කරගෙන එයට අපේ නමින් ලියාපදිංචි කළ සිම්පතක් දමා මගේ පාවිච්චියට ගන්නේ අද ඉඳන්. අද වෙනකන් ලන්ඩන් නුවර අපි ගතකලේ අසල්වැසි මිතුරන්ගෙන් තාවකාලිකව ලබාගත් සිම්පත් සහ දුරකතන එක්ක. අදින් පසු මාව සන්නිවේදනය කරන්න අවශ්‍ය කෙනෙකුට මේ ලිප්යෙන් පසු වට්ස් අප් පිහිටුවා එම අංකය ලබා දෙන්න පුළුවන්. මං නැවතත් කියන්නෙ මට හැංගෙන්න අවශ්‍ය නෑ... නෑමයි
.
භයානක අපරාධකාරයෙක් සොයන අයුරින් ලන්ඩන් හි වෙසෙන ලාංකිකයන් ට කතා කරමින් කටකතා අවලාද පවසන මිතුරනි සෘජු සන්නිවේදනය මගින් ලැබෙන ඵල ප්‍රයෝජන වක්‍ර සන්නිවේදනය මගින් ඇහිරෙන බවයි මට හිතෙන්නෙ. පහුගිය වසර කීපය පුරාම ෆේස්බුක් හී ඇති දුරකතන අංකය බහාලන කොටුවෙ මගේ ලාංකාවෙ දුරකතන අංකය තැබූ අයෙක් මං. අදින් පස්සෙ මගේ නමින් ලන්ඩන් දුරකතන සමාගමක ලියාපදිංචි අංකයක් ඇති නිසා එයින් ලැබෙන ඇමතුම් පණිවිඩ ඕනෑම නීත්‍යානුකූල පියවර ගැනීමකට භාවිත කල හැකි නිසාත් අංකය ලබාදීම ට හැකියාවක් ඇත.
කටකතා විස්වාස කරමින්, මට රැකියාවක් කර මුදල් ඉපයීමට නොහැකි තත්වෙට පත්කර නැවත ලංකාවට ගෙන්වාගැනීමට සිතා සිටින මිතුරනි, තව අවුරුදු සීයක් ලංකාවෙ මා ජීවත් වුවහොත් නය ගෙවා අවසන් කළ හැකිවෙයි. තව දුරටත් මං වෘතීමය නළුවෙක් නෙවෙයි. නළු ජීවිතයක් විදිහට තවත් මට ඇත්තේ, ඒමට ඇති චිත්‍රපට පහළොව එන කාලෙට එම පෝස්ට් ෆේස්බුක් හී ශෙයා කිරීම පමණයි. මං එය කරන්නම් ඒ චිත්‍රපට එන කාලෙට. හැරමිටියෙන් යන කාලෙදි හරි අවු විසි හතරෙන් රඟපාපු ෆිල්ම් එයි කියන විස්වාසය මට තියෙනව. දැන් මට හතලිහක්.
මොනව උනත් ලන්ඩන් එයාපෝට් එකෙත් දෙවනි ඉනිමේ රණේ ලෙස ෆොටෝ ගැසීම මට සතුටක්. ලන්ඩන් නුවරදි 'ලීලෙ', 'පොකට් ගුණේ', 'රණේ', 'ශාන්ති' ලෙස අඳුනගන්නකොට සතුටක් වගේම එකපාරටම මඟේ ඇඟ හිරිවැටිල ගිහින් මගෙ නළු ජීවිතේ අහිමිවීමේ වේදනාව, මගෙ ආත්මයම පුරෝල දානව.එතකොට මට මතක්වෙන්නෙ රයිගම් සම්මානය ගත්තට පස්සෙ තලවතුගොඩ පෝඩියම් එකේදි බීපු දවස. සුමෝ එදා හිටපු හැමෝටම මගේ සම්මානය ලැබීම ගැන කියල මං වෙනුවෙන් සිංදුවක් කිව්ව. අපි එලියෙ බදාගත්තා. හාල්මැස්සෙක් වගේ මාව උස්සල අරං මාව බදාගත්ත. අපි අන්තිමට බිව්වෙ එදා. මං උඹේ නය ගෙවනව මචං. මට කියන්න තියෙන්නෙ එච්චරය්.