තමන්ගේ පෙනුම තවත් අයෙකුට සමාන වීම කෙනෙකුට උද්යෝගිමත් මෙන්ම කනස්සල්ලක් ඇති වන මොහොතක්ද විය හැකිය. නමුත්, ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පෙනුමට සමාන නම් එහි උද්යෝගය කිව නොහැකිය. තේ කඩ හිමිකරුවකු වන සුදාකර් ප්‍රභූට සුපර් ස්ටාර් රජිනිකාන්ත්ට තිබූ සමානකම පසුගියදා හඳුනාගැනීමෙන් ඔහුද සුපිරි තරුව තරමට සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ විය.
මේ දෙදෙනා දෙදෙනා අතර සමානකම කෙතරම්ද ඔවුන් වෙන් කර හඳුනා ගැනීමට සමාජ ජාල සංවාද පවා සිදු කෙරිණි.
ප්‍රසිද්ධ ලේඛක සහ අධ්යක්ෂ නදිර්ෂා කොචි කොටුවෙහි රූගත කිරීමකට සහභාගි වී සිටියදී සුදාකර් පළමුව දැක තිබිණි.









