බාහුබලී චිත්‍රපටයේ රඟපෑමෙන් ශ්‍රී ලාංකික ජනතාව අතර ජනප්‍රියත්වයට පත් තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නළු රානා ඩගුබතිගේ බාල සොහොයුරු අභිරාම් ඩගුබතිගේ විවාහ මංගල්‍යය පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ පවත්වා තිබේ.


මෙම විවාහ මංගල්‍යය ගැන අවධානය වැඩි කරමින් රානා සහ බිරිඳ, තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නළු නාගා චෛතන්‍යා යනාදී නළු නිළයන් ශ්‍රී ලංකාවට එන ගමනේ හයිද්‍රාබාද් ගුවන්තොටුපලේ සිටි බවට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබ තිබිණි.
තෙලිඟු සිනමාවේ මහා කලා පවුලක් වන රානා ඩගුබති සහ අභිරාම් ඩගුබති යනු සිනමා නිශ්පාදක සුරේශ් බාබු ඩගුබතිගේ පුතණුවෝ වෙති.
අභිරාම් ඩගුබතිද තෙලිඟු සිනමා නළුවෙකු වන නමුත්, ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන් සිටින්නේ රානා ඩගුබතිය. ඔවුන්ගේ සීයා සහ සුරේශ් බාබු ඩගුබතිගේ පියාණන් තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන ශ්‍රී රාමනායිදු ඩගුබති වේ.
අනන්තර, කළුතරදී පසුගිය දෙසැම්බර් 06 වැනිදා විවාහ උත්සවය පැවැත්වී තිබේ.










