ජනප්‍රිය ගීත ගණනාවක් නිර්මාණය රචනා කරමින් ගායනා කළ දක්ෂ ගී පද රචිකාවියක් වූ අභිශේකා විමලවීර පසුගිය බ්‍රහස්පතින්දා (14) 'දෙරණ මියුසික් අවෝඩ්ස්'හිදී ජූරියේ විශිට පළමු සම්මානය ලබාගත්තේ 'තවම පණ තියෙනවා' ගීතයටය.
එම ගීතය රචනා කර, ගායනා කළ අභිෂේකා විමලවීර මෙම සම්මානය ගත් අතර ඇය සමග ඒ සඳහා එම ගීතයේ වීඩියෝව නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ අනෙක් කණ්ඩායමද සම්මානය ගන්නා අවස්ථාවේදී සහභාගි වනු දක්නට ලැබිණි.
කෙසේ නමුත්, ඊට පසුදින (15) එම ගීතයේ සම නිෂ්පාදක වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මියුසික් වීඩියෝවේ සංකල්පය, තිර රචනය, අධ්‍යක්ෂණය, රංග වින්‍යාසය, පසුතල සැකසුම් යනාදියට දායක වූ සියලු දෙනා සිහිපත් කරමින් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කර තිබුණේ 'ආත්මාර්ථය හරි කැතයි' යනුවෙන් සඳහන් කරමිනි.
මෙය සමාජ ජාලවල සංවාදයක් බවට පසුව පත් වූයේ අභිෂේකා එම අවස්ථාවෙන් සුළු මොහොතකට පසුව නිර්මාණ කණ්ඩායම සිහිපත් කරමින් ඇගෙන් සිදු වූ අතපසුවීමක්ද කියා සිටි බව බොහෝ පාර්ශ්ව සඳහන් කිරීමත් සමගිනි. ඇය සමග ඇති ඉරිසියාසහගත හැඟීම් හේතුවෙන් කසුන් මෙවැනි සටහනක් පළ කළ බවත් එය සමාව නොදිය යුතු අතපසුවීමක් නොවන බවත් ඇතැමුන් පවසා තිබිණි. කසුන් මහේන්ද්‍ර පළ කළ සටහනද මෙහි පළ කරන අතර මෙම සිදුවීමෙන් ගීතයේ රසවත් බවට නම් කිසිදු හානියක් වී නොමැත.
ඊයේ රාත්‍රියේ පැවැත්වූ TV දෙරණ Music Video Awards සම්මාන උළෙලේ දී 'භූමියට තවම පණ තියෙනවා' ගීතයේ නිර්මාණ කණ්ඩායමට 'ජූරියේ විශේෂ සම්මානයක්' හිමිවුණා. බොහොම ස්තූතියි TV Derana
නමුත් එහි රචිකාවිය ; ගායිකාව හැසිරුණේ සහ ඈ වරදවා වටහාගෙන ඇත්තේ එම විශේෂ ජූරි සම්මානය 'ගායනය සඳහා ඇයට පමණක්' ලැබුණු එකක් හැටියටයි. මේක ලැබුණෙ 'මියුසික් වීඩියෝවට'. භූමියට තවම පණ තියෙනවා මියුසික් වීඩියෝවේ සංකල්පය, තිර රචනය, අධ්‍යක්ෂණය, රංග වින්‍යාසය , පසුතල සැකසුම් අදහස , භූමි හරේන්ද්‍රන් හැර Ash Dias ඇතුළු අනෙකුත් සියලු නළු නිළි වරණය විතරක් නෙමෙයි සම නිෂ්පාදනයත් මගේ !
Nipuni Amarasinghe ස්තූතියි මචෝ මා එක්ක මේ ඉස්තරම් වැඩේ නිෂ්පාදනය කරන්න හයියක් දුන්නට. Srinika Liyanage අපේ ඩීඕපී මහත්තයා ස්තූතියි මචෝ මේ නිර්මාණය බිහි කරන්න ආත්මය දුන්නට. HaSitha JayaSanka ස්තූතියි මචං දවස් ගාණක් එක දිගට කට්ට කාගෙන නිදි මරාගෙන කපමින් කොටමින් මේ ලස්සන වැඩේට පට්ට නිමාවක් දුන්නට. Tharindu D. Pathirathna ස්තූතියි මචං මට ඕනි ඕනි විදිහට අභින ඉස්මතු වෙන්න තිතට වේෂ නිරූපණය සිද්ධ කළාට. Sadun Madurapperuma Mahesh Kumar ස්තූතියි මල්ලිලා ආර්ට් ඩිරෙක්ෂන් ලස්සනට පිළිවෙළට වෙලාවට කළාට. අපේ නිර්මාණයේ කැමරා යුනිට් එකේ සිට තේ හදපු මහත්මයා දක්වාම බොහොම ස්තූතියි !
උඹලා අපේ 'සාමූහික මහන්සිය ආත්මීය ශ්‍රමය ගැන' ස්ටේජ් එක උඩදි මේ සිංදුවෙ ආටිස්ට් වචනයක් කිව්වෙ නෑ. ඒක එයාගෙ අභිමානවත් සදාචාරය. නැවත වාරයක් කියන්නම්. සම්මානය හම්බුණේ මං ඔය උඩ නම් කියපු හැමෝගෙම මහන්සියට ! තනි පුද්ගල නාමයකට නෙමෙයි !
පහතින් අමුණන සාක්ෂි වීඩියෝව චුට්ටක් බලන්න.
ආත්මාර්ථය හරි කැතයි. මේ ලෝකෙ ලස්සන කළේ සාමූහික අරගල විතරමයි !
කසුන් මහේන්ද්‍ර හීනටිගල
2023.12.15
-
-
-
-