lan englan tam

පුවත්

රජිනිගේ ලාල් සලාම් ගමන අසීරු එකක් වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොලිවුඩ් සුපිරි තාරකාව වන රජිනිකාන්ත් රඟපාන 'ලාල් සලාම්' චිත්‍රපටයට පසුගිය සතිය යහපත් තත්ත්වයක් පැවතී නොතිබිණි.

ඒ ඉන්දීය කෝටි 14ක් පමණක් ආදායම් උපයමින් අනපේක්ෂිත දුර්වල ආදායමක් සති අන්තයේදී චිත්‍රපටය ලැබීම හේතුවෙනි.
 
රජිනිකාන්ත් සහාය චරිත රඟපාන ලාල් සලාම් ඒ අනුව ඉන්දියාව තුළ දැනට බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ලබා නැත. 
 
ආරම්භක දිනයේ සිටම චිත්‍රපටය සාර්ථකබවක් පෙන්නුම් නොකළ අතර අනතුරුව සෑම සති අන්තයකම අඩු ආදායම් ලබා තිබිණි. 
 
චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන විෂ්ණු විශාල් සම්බන්ධයෙන් ගත් කල ඔහුගේ අනෙක් චිත්‍රපටවලට සාපේක්ෂව මෙය දෙගුණයක ආදායම් උපයන අවස්ථාවක් වුවද සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගේ චිත්‍රපට අතින් ගත් කල මෙය අසාර්ථක තත්ත්වයකි. 
 
ලාල් සලාම් අලුත් පැකේජයක පරණ කතාවක්ම වන බව චිත්‍රපට විචාරකයින් ඇතැමෙක් මුලදීම පෙන්වා දී තිබූ අතර ක්‍රීඩා නාට්‍ය චිත්‍රපටයක් වන මෙය අයිශ්වර්යා රජිනිකාන්ත්ගේ නවතම චිත්‍රපටය වේ.
විෂ්ණු විශාල් සහ වික්‍රාන්ත් ප්‍රධාන චරිත රඟපාන මෙහි රජිනිකාන්ත් විශේෂ චරිතයක් රඟපාන්නේය.
Back to top
Go to bottom

Popular News