lan englan tam

පුවත්

කීර්ති පැස්කුවෙල් ගීයක් නොගයාම පිළිකා රෝගියකුගේ සිත සුවපත් කරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මරණයේ වේදනාව අප කාටත් පොදුය. එසේම මරණය අභියස ජීවත් වීමේ වේදනාව විඳින මිනිසුන් දැකීමට නම් අප යා යුතු එක් තැනක් නම් ඒ මහරගම පිළිකා රෝහලය. 

කීර්ති පැස්කුවෙල් ගායනවේදියා එම රෝහල අසලදී හමුවූ මැදිවියේ කාන්තාවක් හමු වී කළ කතාබහකදී ඇය ගායන ශිල්පියාගෙන් ඉල්ලා තිබුණේ තමන්ට 'මැරෙන්න ගීතයක් ගායනා කරන' ලෙසය. 
 
ලියුකේමියා ලේ පිළිකා රෝගයෙන් පීඩා විඳින ඇය රෝහලේ කාර්ය මණ්ඩලයේ කටයුතු පවා අගය කරමින් තමන්ට දෙන ලේ තරුණ දරුවකුට දෙන්නේ නම් වඩා හොඳ බව කී අතර ගායක කීර්ති පැස්කුවල් ගීතයක් නොගයාම ඇයගේ සිත සුවපත් කිරීමට සිය කාරුණික හඬ අවදි කර තිබිණි. 
 
පිළිකාව යනු මැරෙන ලෙඩක් නොවන බවත්, හිත ශක්තිමත් කරගැනීම ඉතා අත්‍යාවශ්‍ය බවත් මෙම රෝගී කාන්තාවට වටහා දෙමින් ගායන ශිල්පියා ඇය සමග කතා කළ වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ සටහනක්ද තබමිනි. 
 
"අනේ මට මැරෙන්න සිංදුවක් කියන්න...
 
මහරගම අපේක්ෂා රෝහලේදි අද මට හමුවුනු මේ අම්මාගේ කතාව වෙනස්ම එකක්. තව දවසක් හරි ජීවත්වෙන්න උත්සාහ කරන අය අතර මේ අම්මා ප්‍රාර්ථනා කරන්න ඉක්මනට මැරෙන්න කියලා. ඒ වෙදනාව දරාගන්න බැරිකමට මිස ජීවිතයට ආදරයක් නැති කමට නෙවෙයි. මට දෙන ලේ ටික තරුණ දරුවෙකුට දෙන්න කියන්නේ මොන තරම් අවංක හදවතින්ද. මේ අම්මගෙ සියලු වේදනා දුරුවී ඉක්මන් නීරෝගි සුවය අත්වේවා දීර්ඝායුෂ ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු."
 

Back to top
Go to bottom

Popular News