lan englan tam

පුවත්

මම කන්නේ එළවළුම විතරයි; Mrs Glamour Look

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය වසරේ පිලිපීනයේ මැනිලා නගරයේ පැවති Mrs Glamour Look ලුක් ජාත්‍යන්තර රූපරාජිණි තරගයේ ජයග්‍රාහිකාව වූයේ ශ්‍රී ලංකාවේ හර්ෂණී වෙලගෙදරය. දැනට ඩුබායිහි ඇමෙරිකානු පාසලක ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටින ඇය කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව පවතී. හර්ෂණීට මිරර්ආට්ස් අප මෙවර වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

ඔබ රූපරාජිණියක්. ඔබ මෙච්චර ලස්සන වෙන්න හේතුව?
එහෙම විශේෂ හේතුවක් නැහැ. හැබැයි මම ආහාරයට ගන්න එළවළු විතරමයි. මස් වර්ග කන්නේ නැහැ. හැම වෙලාවෙකම පුළුවන් තරම් හිනා වෙලා සතුටින් ඉන්න උත්සාහ කරන කෙනෙක්. වතුර එහෙම මම නිතරම වගේ බොනවා. තව මම බොන්නේ බ්ලැක් ටී විතරයි. කිරි වර්ග බොන්නේම නැහැ. ඩුබායිවල රස්නේ හිරු එළිය එහෙම වැඩියි. ඒ නිසා ඒකට විතරක් මම ක්‍රීම් ආලේපනය කරනවා. එච්චරයි. මේක මගේ ස්වභාවික පෙනුම. අනික මගේ අම්මා, තාත්තා දෙන්නම ලස්සනයි. ඒ අයගේ ලස්සන මට උපතින්ම ලැබුණා කිව්වොත් හරි.

ඇගේ හැඩය පවත්වාගෙන යන්න මොනවද කරන්නේ?
මම කායවර්ධන ව්‍යායාම් කරන්නේ නම් නැහැ. හැබැයි දිනකට මම ඇවිදින ප්‍රමාණය වැඩියි. මම රැකියාව කරන පාසලේ තට්ටු ගොඩනැගිලි ඔක්කොම තට්ටු දෙක තුන ඒවා. ඒවාට යන්න විදුලි සෝපාන තිබුණත් මම යන්නේ පඩිපෙළ නැගලා. මම හිතනවා සමහර විට මම ඇවිදින ප්‍රමාණය අනුව මගේ ශරීරයට ඒ තුළින් යම් ව්‍යායාමයක් ලැබෙන්න ඇති කියලා.

මවක් බිරිඳක් වුණාට පස්සේ ගොඩක් අය තමන්ගේ රුව ගැන හිතන්නේ නැහැ?
ඇත්තටම ආසියාතික රටවල්වල මවක් වුණාට පස්සේ තමන්ගේ ශරීරය ගැන සැලකිල්ලක් දක්වනවා බොහෝම අඩුයි. සමහර මව්වරුන්ට ඇත්තටම ඒ දේවල් වෙනුවෙන් කැප කරන්න කාලයක් නැහැ. ඒ වගේම බොහෝ අය හිතනවා දැන් මම අම්මා කෙනෙක් මොකටද තව ලස්සන වෙන්න. ජීවිතේ භාගයකුත් ගෙවලා ඉවරයිනේ කියලා. හැබැයි මම නම් හිතන්නේ අම්මා කෙනෙක් වුණාම තමයි ලස්සනටම ඉන්න ඕනා. මොකද, ඒ කාලේ අපේ ශරීරය සමග ජීවත් වෙන විදිහ වෙනස් වෙන්න පටන් ගන්නේ. ගැහැණු අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. ඉතින් මවක් වුණා කියලා ඒ ලස්සන නැති කරගන්න හොඳ නැහැ. තමන්ගේ දරුවෙක් වුණත් අම්මා ලස්සනට ඉන්නවාට තමයි ගොඩක් කැමතියි.

තාම තරුණයන්ගේ ආකර්ෂණය තියෙනවද ඔබට?
ඒකට නම් මට පිළිතුරක් දෙන්න අමාරුයි. වයස් සීමාවකින් තොරව මට තරුණ පිරිසගෙන් ආකර්ෂණය ලැබෙනවා. සමාජ මාධ්‍ය හරහා නිතරම වගේ තරුණයෝ මට කතා කරනවා. හැබැයි ඒ කවුරුත් වැරදි යෝජනා කරන්නේ නැහැ. හැමෝම වගේ කියන්නේ ඔයාගේ සැමියා නම් හරිම වාසනාවන්ත කෙනෙක් කියලා.

වැඩිපුරම පිරිමින්ගේ ඇස් යන්නේ?
මම දැනට ජිවත් වෙන්නේ ඩුබායි නගරයේ. එහේ ඉන්න ගොඩක් යාළුවෝ ඇමෙරිකාවේ හා අරාබියේ ජිවත් වෙන අය. ඉතින් ඒ අය ගොඩක් වෙලාවට කියන්නේ මට පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්න පුළුවන් විදිහේ ඇස් දෙකක් තියෙනවා කියලා. ඒ වගේම තමා ඒ අය තව ගොඩක් කැමතියි මගේ දිග කොණ්ඩේට. මම කොණ්ඩය වවන්න අරගෙන දැන් දිගු කාලයක් වෙනවා. හැබැයි අද වනතුරු මම කොණ්ඩේට අනවශ්‍ය කරදර කරලා නැහැ. ඒ කියන්නේ කොණ්ඩය කපලා වර්ණ ගන්වලා වගේ දේවල් කරලා නැහැ. ලංකාවෙන් එන කොට තිබුණ කොණ්ඩේම තමා මට අදටත් තියෙන්නේ.

අඳින ඇඳුම්වල ඔබ තෝරා ගැනීමක් කරනවද?
මම වැඩිපුරම කැමතියි දිගට අඳින්න. විශේෂයෙන්ම ඩුබායි වගේ රටක ඉන්න නිසා ගොඩක් වෙලාවට දිගට තමා අඳින්නේ. ලංකාවේ ඉන්නවා නම් මම ගොඩක් වෙලාවට ඇන්දේ කොටට. හැබැයි අනවශ්‍ය විදිහට මම කොටට අඳින්නේ නැහැ. මට ගැළපෙන ඒවා විතරයි මම අඳින්නේ. ෆොටෝවලට පෙනී ඉන්න වුණත් මම අනවශ්‍ය විදිහට කොට ඇඳුම් පාවිච්චි කරන්නේ නැහැ. වැඩේට ගැළපෙන විදිහට තමයි තෝර ගන්නේ.

සංවාදය : බුද්ධික සේනාධීර

Back to top
Go to bottom

Popular News