lan englan tam

පුවත්

ප්‍රසන්න විතානගේ 'රාවය' මුද්‍රණය නැවැත්වීමට එරෙහිව එන්තරවාසි යවයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාවය (ගරන්ටි) පුද්. සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද 'රාවය' පුවත්පත මුද්‍රණය කිරීම නවත්වා එහි දේපළ විකිණීමට යත්න දැරීමට එරෙහිව, එම පුවත්පතේ අයිතිය පුළුල් කිරීමට දායක වූ පිරිසකට නඩු පැවරීම සඳහා මේ වන විට වග උත්තරකරුවන්ට එන්තරවාසි එවා තිබේ.

රාවය පුවත්පත වැඩිදියුණු කිරීමට දායක වූ ප්‍රසන්න විතානගේ, පරාක්‍රම නිරිඇල්ල, චාර්ල්ස් දයානන්ද ඇතුළු ලංකාවේ කීර්තිමත් පිරිසක් මෙම නඩුවේ පැමිණිලිකරුවන් බවට දැක්වෙන අතර රාවය සභාපති වික්ටර් අයිවන්, වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
 
2013/2014 වසරවලදී රාවය සමාගමේ අයිතිය පුළුල් කිරීමට දායක වූ පුද්ගලයින් 476 දෙනෙකුගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් මෙම නඩුව පැවරීමට නියමිත අතර රාවය වඩාත් දියුණු ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ භාර ගිවිසුම වග උත්තරකරුවන් විසින් කඩ කරනු ලැබ තිබීම නඩුවේ නිමිත්ත බවද දැනගන්නට තිබේ.
 
ඒ අනුව රාවයට ප්‍රාග්ධනය සැපයූ 476 දෙනෙකු වෙනුවෙන් ප්‍රසන්න විතානගේ ඇතුළු 13 දෙනෙකු උත්තරකරුවන් වෙත එන්තරවාසි යවමින් කියා සිටින්නේ පුවත්පත මුද්‍රණය කිරීමට තමන් සමඟ ඇති කරගත් එකඟතා ගිවිසුම අනුව කටයුතු කරමින් පුවත්පත යළි මුද්‍රණය කරන ලෙසයි.
 
එසේ ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් සති දෙකක් ඇතුළත නඩු පවරන බව නීතීඥ නීල් මුණසිංහ මාර්ගයෙන් යොමු කරනු ලැබ ඇති එන්තරවාසියේ සඳහන් වේ.
Back to top
Go to bottom

Popular News