lan englan tam

පුවත්

ප්‍රේක්ෂකයින් හිරිවට්ටපු 'තත්පරයක් දෙන්න' ඊයේ දිනය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2024.03.23...ඊයේ "තත්පරයක් දෙන්න" රූපවාහිනිය ඉදිරියේ අපි මොහොතකට ගල් ගැස්සෙව්වා....

ටෙලි නාට්‍යයේ රඟපාන නළු නිළියන්ගේ උපරිමය ඔවුන් දෙනවා කියලා හිතෙනවා...
අධ්‍යක්ෂක සුපුන් රත්නායක ඒක මිරිකලම අරගෙන තියෙනවා...
තරින්දී සේමිනී මාධවී ඔල්ගා උපරිමය දෙනවා..
උපේක්ෂා ඇතුළු සිරකාරියන්ට රඟපාන අනෙක් නිළියනුත් අඩුවක් නැහැ...
මේ වසරේ හොඳම නිළිය තරින්දි වෙන්න බොහොම දුරට ඉඩ තිබෙනවා..
අතීතයේ අපි කියපු නිළි රැජිණ වගේ කතා තවදුරටත් අදට වලංගු වෙන්නේ නෑ කියල හිතෙනවා මේ රඟපෑම් බැලුවම..
දමිතා පොඩ්ඩක් ඔවෙර් අcටින්ග් කියලා හිතෙනවා.
ශලනිගෙත් සුවිශේෂත්වයක් දකින්නේ නෑ..
ශ්‍යාම් ප්‍රනාන්දු රොජර් සෙනෙවිරත්න පූජන දන්දෙනිය, විශේෂයෙන්ම වන්නකුගේ චරිතය, සියල්ල කියන්න දෙයක් නෑ... නියමයි... සුපිරි....
කතාවේ සමහර තැන්වල පුංචි නොගැළපෙන ස්වභාවයන් තිබුණත් අධ්‍යක්ෂකවරයාගේ සහ නළු නිළියන්ගේ දක්ෂතාවය නිසා ඒවා ගණන් ගන්නේ නැතුව මුළු හිතෙන්ම අපව ඇදලා බැඳලා තියාගන්නවා...
වෙළඳ දැන්වීම් හිඟයකින් පෙළුණු ස්වාධීන රූපවාහිනියේ තත්ත්පරයක් දෙන්න අතරතුර තියෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණය බැලුවහම මොන තරම් මිනිස්සු අතරට මේ කතාව ගිහිල්ල තියෙනවද කියලා හිතන්න පුළුවන්....
ඇත්තටම කතාව පටන් ගත්තහම ඉවර වෙනවා දැනෙන්නේ නෑ....
ඇත්තටම සුපුන් සුපිරි මේක නම්...

ලාල් ද අල්විස්

Back to top
Go to bottom

Popular News