lan englan tam

පුවත්

අහිමි ප්‍රේමයත් කොළඹ සරසවියත් ගැන කියැවෙන ගීතයක් මෙය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන ඔසඳ ගුණරත්න පසුගියදා 'සියත රෑ 10යි ගී 10යි වැඩසටහනේදී විශේෂ ගීතයක් කෙරෙහි තමන්ට ඇති බැඳීම සිහිපත් කළේය.

ඒ විශාරද අමරසිරි පීරිස් ගායනා කරන, මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක රචනා කළ, ආචාර්ය රෝහණ වීරසිංහ තනු හා සංගීත නිර්මාණය කළ "රොබරෝසියා මල්" ගීය පිළිබඳවය.
එම ගීතය හා බැදුණු සිය මතකය සිහිපත් කරමින් ඔසඳ පැවසුවේ "විශ්ව විද්‍යාල ජීවිතේ මටත් මුණගැහුණා ප්‍රේමයක්. හැබැයි ඒක විවාහයක් දක්වා ගෙනියන්න අපිට ඉඩ ලැබුණේ නෑ. ඉතින් විශ්ව විද්‍යාල කාලේ මට සිද්ධ වෙච්ච බරපතලම සිද්ධිය තමයි ඇයව අහිමි වීම. ඉතින් ඒ ප්‍රේමයත් කොළඹ විශ්ව විද්‍යාලයත් ගැන කියැවෙන ගීතයක් මේක." යනුවෙනි.

රොබරෝසියා මල් අතු අග හිනැහෙන විට

ඇහැල ගහේ මල් මාලා නැළවෙන විට

සල් මල් සුවඳ වන බඹරුන් අමතන විට

ඔබ මට මලක් වී දිලුණා දොඹ ගහ යට

 

දළඳා මහිම පුරවර දිනු කුමාරියේ

මා හා ඔබේ හද බැඳුණා අතීතයේ

සරසවි බිමේ සිවු වසරක් සමීපයේ

දිවිමග එදා සිට එළි කල සඳවතියේ

 

රීඩ් මාවතේ අතිනත ගෙන ඇවිද

ඔබ රුව මැවිණ ‌පොත් ගුළ පොත් පිටු අතර

එදවස ඔබට දුන් තිළිණ ද කළ

සඵල සරසවි බිම කොළඹ මා ණයගැති නිබඳ

 

 

Back to top
Go to bottom

Popular News