lan englan tam

පුවත්

සුනිල් සාන්තයන්ගේ අවුරුදු ගීතය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුනිල් සාන්ත යනු හෙළ ගීත කලාව ප්‍රවර්ධනයේ ලා සවිමත් අඩිතාලමක් දැමූ සංගීත මහා පුරුශයෙකි.

එම යුග පුරුෂයා සිංහල අවුරුද්ද වෙනුවෙන් කළ සුන්දර ගීතයක් සුනිල් සාන්ත සමාජය විසින් මීට දින කිහිපයකට පෙර එළිදක්වා තිබිණි.

 

සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ

සිංහල අවුරුද්දේ - උන්සිලි හැම පැද්දේ

 

සිංහලයන් ගේ ජාතික උළෙල යි මේ

සිංහල සුසිරිත් රැකෙන වැඩෙන දින මේ

සිංහල සෙල්ලම් හැම ගමැ රටැ පැතිරේ

සිංහල රසවත් කවිලි පෙවිලි ගෙ-දොරේ

 

කැවුම් කොකිස් අලුවා - අතිරස මුං කැරැලී

කිරි බත් කිරි දෝසී - මේ ඈ රස කැවිලී

ගෙයක් ගෙයක් පාසා - ඉදෙයි පිසෙයි මෙ දිනේ

 

සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ

සිංහල අවුරුද්දේ - උන්සිලි හැම පැද්දේ

 

පිරේ ගෙ-දොරවල් කිරි පැණියෙන්

බ රේ නො අඩු හැම පල-තුරුයෙන්

පොරේ එන්නැ එන්නැ යි යනුයෙන්

පෙරේ සතුට දුන් දුන් අඩියෙන්

 

අලුත් රෙදි පිළි හැඳැ-ගෙනැ

කඳ මලු ඇති වැ මැ නෑ-ගම් යන්නෝ

බුලත් හුරුලු ගෙනැ වැඩි හිටියන් දැකැ

වරද සමා කැරැ ගන්නෝ

මලුත් පුදා පින් සිදු කැරැ-ගන්නට

පන්සල් පල්ලි ද යන්නෝ

හෙළත් සතුටු සයුරේ දුටු-දුටුවන්

මෙ දිනැ දුකක් නො මැ දන්නෝ

 

සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ

සිංහල අවුරුද්දේ - උන්සිලි හැම පැද්දේ

 

පන්දු කෙළින්නෝ - කල්ලි ගහන්නෝ

තට්ටු පනින්නෝ - වළ කජු ලන්නෝ

රබන් ගහන්නෝ - එළුවන් ගන්නෝ

 

ඇතැම්මු උන්සිලි පැදැ - පැදැ වාරම් කියති

ඇතැම්මු පැරදුණවුන් හට ජල්ලි ද දමති

ඇතැම්මු කෙළි කෙළිනු බලා සතුටින් පිපෙති

ඇතැම්මු කා බී සැතැ පී විඩා සිඳුවති

 

මා-පිය-දූ-දරු-නෑ මිතුරන්

එක් වී පෑසී ලෙස රස රන්

සමඟි බලේ ඇති අගය නරන්

පෙන්වනවා අද හට ද සුරන්

 

සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ

සිංහල අවුරුද්දේ - උන්සිලි හැම පැද්දේ

kemadasa

Back to top
Go to bottom