lan englan tam

පුවත්

ආදරණීය මතකවල රජෙකු වූ කිත්සිරි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කිත්සිරි ජයසේකර යනු ශ්‍රී ලාංකික කලාකරුවන් අතර සංගීත ශිල්පියෙකු ලෙස බොහෝ දෙනෙකුගේ හදවත තුළ තදින් සනිටුහන් වූ ගායකයෙකි.

සිය උපන්දිනය පසුගිය අප්‍රේල් 18 වැනිදා සැමරූ ඔහුට ලැබුණු සුබ පැතුම් හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ආදරණීය මතකවල තමන් සිටිනා බව දැනගත් බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කිත්සිරි සටහන් කර තිබිනි.
සිය රටින් බැහැරව සිටියත් ඔහු ගායනා කළ ගීත බොහෝ රසිකයින් හිතවතුන් තදින් වැළඳගැනීම මෙයට නිසැකවම හේතුවක් බව කිව හැකිය.
ඔහුගේ ස්තුති සටහන පහතින් පළ වේ.

ආදරණීය තුති පිදුමයි..🙏❤️
අප්‍රේල් මස 18 දිනට යෙදී තිබූ මාගේ ජන්ම දිනය වෙනුවෙන්ම සුභපැතුම් පිරිනැමූ ඔබසැමගේ ආදරණීය හදවත් වලට මාගේ හදපිරි ගෞරවයත්,ස්තූතියත් මෙයින් පුදකර සිටිමි.. inbox මගින් එවූ 500කට අධික සුබපැතුම් උදෙසා පුද්ගලිකවම ස්තූතිය පුදකර අවසන් කලේ අදයි, එමෙන්ම මුහුණු පොතේ පලකළ සුබපැතුම් උදෙසා ඉදිරියේ පුද්ගලිකවම ප්‍රතිචාර දක්වමි, මාස කීපයක සිට මුහුණුපොතේ ක්‍රියාකාරීයකු නොවුනත් ඔබේ ආදරණීය මතකයන් තුල තවමත් රැඳීසිටීමට හැකිවීම මහත් භාග්‍යයක් සේ සලකමි ❤️ සැමට යහපත් දවසක් සහ සියලු පැතුම් ඉටුවන සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමි 🙏 තෙරුවන් සරණයි, සියලු දෙවි රැකවරණයි🙏🙏🙏💝💝💝 - කිත්සිරි ජයසේකර.

Back to top
Go to bottom

Popular News