lan englan tam

පුවත්

අංජලීගේ අය කිරීම ගැන කාලගෝට්ටිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මේ දවස් ටිකේ මුහුනු පොතේ කතාව අංජලී... අංජලී අය කරන ගාන ගැන.. අනුන්ගෙ සින්දු කියලා sms හිඟා කාලා ලොකු ගණන් ගන්නවා කියලා අංජලීට කියන්න තියන කතා ඔක්කොම කියනවා.. ඔව් අංජලී ආවෙ රියැලිටි වේදිකාවෙන්... Sms වලින් ඇය ජයග්රහණය කළේ ..අනුන්ගෙ සින්දු කියලා තමයි දිනුවෙත්..
මේ ඔක්කොම ඇත්ත. අනුන්ගෙ සින්දු කියලා රියැලිටි තරුවක් වුන පළවෙනි කෙනා අංජලී නෙවෙයි . අංජලීට sms ගහපු අය එයා අනුන්ගෙ සින්දු කියනවා කියලා දැනගෙන තමයි sms ගැහුවෙත්. ඒ අංජලී අනුන්ගෙ සින්දුව හරි, හරියට කිව්ව හින්දා.
අංජලීට අසීමිත ප්රේක්ෂකගාරයක් හැදුනෙ ඇය දක්ෂ නිසා. දක්ෂතාවයි පිළිගැනීමයි එක්ක හැදෙන වටිනාකම ළඟ ඕනම කෙනෙක්ට තමන්ගෙ වෘත්තීය ඇතුළෙ වටිනාකමක් හැදෙනවා. තමන්ට තමන්ගෙ හැකියාව ගැන විශ්වාසයක් තියෙන මිනිස්සු ඒ වටිනාකම හදාගන්න ඕන. අංජලී ලක්ෂ 2 නෙවෙයි 5 ක් ඉල්ලුවත් ඒක එයාගෙ දක්ෂතාවට හැකියාවට හදාගන්න වටිනාකම. එතනදි එයා වෘත්තීය ඇතුළෙ ගොඩනගාගන්න වටිනාකම ඒ.
අංජලීට ඔහේ කතා කියන අය නිකමට හරි තරුවක් වෙලා shows හම්බුනානම් " අනේ මම අනුන්ගෙ සින්දුවක් කියන්නෙ මට සල්ලි එපා" කියලා කියයිද.. " මගේ සින්දු ඕන තරම් කියලා සල්ලි හම්බ කරගන්න ඒක මට සතුටක්" සමිතා මුදුන්කොටුව ප්රසිද්ධියෙ එහෙම කියනවා මං අහලා තියෙනවා. ගායක ගායිකාවන් එහෙම කියද්දි එළියෙන් බලලා හැමදේකම වැරදි විතරල් හොයන අය අලුත් අයට බනිනවා. සින්දු කියන අය නෙවෙයි රඟපාන අයත් ඉන්නවා ප්රවීනයන්ට වඩා අය කරන..එතනදි කාටත් බැනලා හරියන්නෙ නෑ ඒ ඒ අය හදාගත්ත වටිනාකම. අවුරුදු කීපෙකට කලින් මට ජනප්රියම නිර්මාණකරුවෙක් එයාගෙ චිත්රපටයෙ ප්රධාන නිළියට හඬකවන්න කතා කළා. මගේ ගාන ඇහුවා ..මම කිව්වා දවසකට මෙච්චරයි කියලා. දවස් දෙකකට පස්සෙ මට කතා කරපු ජනප්රිය නිර්මාණවේදියා කියනවා අහවලා ( කවුරුත් දන්න හඬකැවීම් ශිල්පියෙක්/ නළුවෙක්) එයා කට්ටිය දෙනවා දවසට මෙච්චරයි කියලා. මං කියපු ගානෙන් 4/1 කටත් අඩුයි. මම කිව්වා හා අයියෙ එයාගෙන් ගන්න කියලා. හැමදේම සිල්ලරට දකින්න සිල්ලරට කතා කරන මිනිස්සු තමන්ගෙ ගණන් ලොකු කරගන්න අය. කවදාවත් කෙනෙක්ගෙ හැකියාව හෑල්ලු කරන්න එපා. කෙනෙක් ලොකු ගානක් ය කරනවනම් කරන්නෙ තමන් ගැන විශ්වාසෙන්. සිල්ලර ගණන්වලට යන්නෙ හැකියාවට වඩා වෙන ඒවා හොයන මිනිස්සු. අංජලීට sms හිඟා කෑවා කියලා කියන සමහරක් මගෙන් අවස්ථා ඉල්ලපු අය. ඒකත් එහෙම බලද්දි හිඟාකෑමක් තමයි. ආයෙ එහෙම අය කාට හරි අලුත් දක්ෂයෙක්ට අපහාස කරලා තිබුනොත් මම මගෙන් අවස්ථා messengerවලින් හිඟා කාපු අයගෙ නම් එක්කම ලියනවා.
දක්ෂයෙක් දැක්කොත් අගයන්න නිහතමානී වෙන්න...අකමැතිනම් එයාලව බලන්න අහන්න එපා. හැබැයි දියුණු වෙන අයට ගරහන්න තරම් කුහක වෙන්න එපා. අනුරාධපුරේ නෙවෙයි යාපනෙන් ආවත් ඒ අපේ රටේ කෙනෙක් කියලා හිතන්න පුරුදු වෙන්න. දියුණු වෙන්න ඕන තමනුයි තමන්ගෙ දරුවොයි විතරක් කියලා හිතන්න තරම් බාලයෙක් වෙන්නත් එපා. සින්දුවල අයිතිකාරයන්ට ප්රශ්නයක් නැත්නම් එළියෙන් බලන් ඉඳලා බාල වචන කියලා තමන්ගෙ ලේ නරක් කරගන්නත් එපා. දක්ෂ කෙනෙක් ඉහළට එනකොට එයාට ආශිර්වාදයක් වෙන්න බලන්න.
ප්රතික්ෂේප වුන කෙනෙක්ට මෙහෙම තමන්ගෙ වටිනාකම හදාගන්න බෑ කියලා හිතන්න. එහෙම හිතලා තමන්ගෙ සිස්ටම් එක චේන්ජ් කරගන්න..
 
බුද්ධිනී ජයවර්ධන
Back to top
Go to bottom

Popular News