lan englan tam

පුවත්

මාධවී ගැන වෙනස් කතාවක් කියන 'භාර්යාවෝ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධවී වත්සලා සහ කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ විවාහ මංගල්‍යය ගැන හරසුන් මෙන්ම විවේචනාත්මක කතාබහ බොහෝ තැන්වල දක්නට ලැබුණ අතර 'භාර්යාවෝ' ෆේස්බුක් පිටුවේ එම අදහස් කෙරෙහි පරස්පර සටහනක් පළ කර තිබිණි.

ලියන්නාගේ නම සඳහන් නොවුණු එම සටහන මෙසේ පළ කරමු.

මම මේ ෆොටෝ එකට හරි ආසයි.. මම දැක්කා පහුගිය ටිකේම මාධවීගෙ තුන්වෙනි කසාදය ගැන බොහෝ අය නොයෙක් විදිහේ නිර්වචන දීලා තියෙනවා.. තුන්වෙනි මඟුලත් ලෝකෙටම අණ බෙර ගහලා කන්න සල්ලිම විතරක් මදි.. ලංකාවේ හැටියට ඒකට හොඳ පිටකොන්දක් තියෙන්නත් ඕනා.. පළවෙනි දෙවනි කසාදේ අවුල් වෙලා ගියාම කාගේ හරි හොර ගෑනියෙක් වෙලා ජීවත් වෙනවට වඩා එහෙමත් නැත්නම් ලෝකයා මොනවා කියයිද කියලා මතයෙන් බැහැරව ජීවත් වෙන එක මම නම් සෑහෙන්න අගය කරනවා.. මිනිස්සු මොන තරම් පහත් විදිහේ කතා කිව්වත් මම දැක්කා තමන්ගේ එකම අක්කගෙ සතුට වෙනුවෙන් එයාගේ මල්ලිලා දෙන්නා අක්කගේ තුන්වෙනි මගුලත් පළවෙනි මගුල වගේම සමරපු විදිය.. ඒ කතාවේ ලස්සනම දේ, ඒක විදිහට තමයි මට පෙනුනේ.. ගෑනු සහෝදරියෙක්ගේ අතින් වරදක් වුනාම ම ර න් කන්න හදන පිරිමි සහෝදරයෝ ඉන්න සාම්ප්රදායික ලෝකෙක මට මේ අයියයි මල්ලියි ගැන හරිම සතුටුයි..
ජීවිතේ කීප වතාවක් හරි කමක් නෑ වැරදිච්ච ගෑනියෙක්ට ලෝකයක් සාක්ෂි කරගෙන ගරු නම්බු නාම දෙන පිරිමියෙක් හම්බවෙනවා කියලා කියන්නේ ඒක ඒ ගෑණිගෙ පින..
ඒ අතින් මාධවී පින් කරලා තියෙනවා..
ඉතින් කාගෙවත් පිනට හූල්ලන්නේ නැතුව මිනිස්සුන්ගේ ඕනම සතුටකදී සතුටු වෙන විදිහේ ලස්සන හදවතක් තියෙන කෙනෙක් වෙන්න..
මොකද අපේ අයට නැත්තෙම ඒක..🥰❤️💐❗
ජය 💜 .............. ☺️ ✍️
Back to top
Go to bottom

Popular News