lan englan tam

පුවත්

මුලින්ම බැලුව රහස් පරීක්ෂක නාට්‍යය 'කීටයා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
දැන් මොන රහස් පරීක්ෂක කතා මාලා බැලුවත්,
මුලින්ම බැලුවේ මේක ය කෝ... 🤣🤣🤣

 මොකක්ද හොයපු සීන් එක , කොහොමද හොයාගත්තේ කියලා නම් මතක නෑ..

පාලිතයා දවස පුරාම ප්ලේන්ටි ගගහා, කෑලි දෙකක් එක්ක මල් කඩ කඩ ඉන්නවා නම් මතකයි..😁
පාලිත , සුනිල් හෙට්ටිආරච්චි ගේ ගෙදර නවතින්න එනවා..
කෝපි කඩේ හාමිනේ තමා සුනිලගේ වයිෆ්..
හැම කොටසකම සාරාංශය තමා,
සුනිලා උදේම ඇවිදින්න ගිහින් එද්දි පාලිතයා තේ බිබී ඉන්නවා..
ඌ ආවට පස්සෙත් තේ එකක් බොනවා..
පාලිතගේ සහයකයා එද්දි ආයේ තේ එකක් බොනවා..
ගෙදර ඉන්න චම්පා ශ්රියානි එක්ක මලක් කඩනවා..
අල්ලපු ගෙදර සමන්තා ඈපාසිංහ එක්ක වැට අයිනේ චැටක් දානවා..
අන්තිම මිනිත්තු දෙකේ ලොකු තේ ගොට්ටක් වගේ එකක් අරන් මොකාක් හරි ගෙයක් අයිනේ කුරුමාණම් අල්ලද්දි භයානක සංගීතයක් ඇහෙද්දිම .. කොටස ඉවරයි..
ඊලඟ කොටස මරුවට ඇති කියලා , පටන් ගන්නකල් බලන් ඉන්නවා,
පටන් ගන්නවා,
,

සුනිලා ඇවිදින්න ගිහින් එනවා... 🤣🤣🤣
අන්තිම කොටසේ අන්තිම විනාඩි පහේදි අභිරහස විසඳනවා.. 😊😊
ඒ ගැන කිසි මතකයක් නෑ..
චන්දන මෙන්ඩිස් ගේ ශර්ලොක් හෝම්ස් එනකල්ම , කොහොම හරි කීටයා 1 , 2 ,3 කියලා සීසන් කීපයක්ම ගියා..
ඒ කාලේ තමා කාලේ..
අපේ ළමා කාලය රහස් පරීක්ෂක කුතුහලයෙන් පුරෝපු නිර්මාණයක්, 😋😋😋
සමන් එදිරිමුණි ඒ කාලෙත් හිටියා නම්, දැන් පොඩි උන්ටත් කීටයගේ ආතල් එක ගන්න තිබ්බා..
 
මාලන් ජයකොඩි
Back to top
Go to bottom

Popular News