lan englan tam

පුවත්

පියා වෙනුවෙන් ප්‍රසංගවල අසුනක් වෙන් කරන ඇය; Mirror Arts සංවාදය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සමග එක් වන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනියක සහ විශාරදවරියක වන අභිෂේකා විමලවීරය.

සිය පියා වෙන්වෙන් තමන් පවත්වන සෑම සංගීත ප්‍රසංගයකදීම ඔහුගේ නම සඳහන් කළ හිස් පුටුවක් වෙන් කර තබන බව අභිෂේකා සංවාදයේදී පවසන්නීය.
ආදරය ගැන තමන්ට ජීවිතයේ ඇති වූ රිදවීම් පිළිබඳව පවසන අභිෂේකා එහිදී පවසන්නේ විරහවෙන් තොර කලා නිර්මාණ කිසිවක් බිහි වී නොමැති බවය.
අභිෂේකා සිය සංගීත ජීවිතයේ පසු කළ කඩඉම්, සිය පෞද්ගලික ජීවිතයේ ඇති වූ සන්තාප මෙන්ම ආදරයේ දරාගැන්ම පිළිබඳවද සිය සංවේදී අදහස් එහිදී බෙදාගන්නීය.

ආයුර්වේදය යනු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළට ගෙනැවිත් රටට විදේශ මුදල් ගෙන ඒමට හැකි ව්‍යාපාරයක් වන බවද අභිෂේකා පවසන්නීය.
ශ්‍රී ලංකාව තුළ තමන් ආරම්භ කළ එක් අත්හදා බැලීමක් ගැනද එහිදී අභිෂේකා හෙළි කරන අතර අලුත් අදහසකට නව මගක් දීමද ඇය විසින් සිදු කරනු ලබයි.
එම වැඩසටහන පහතින් පළ කෙරේ.

 

kemadasa

shungara

Back to top
Go to bottom