මනෝහාරි ජයලත් යනු ජනප්‍රිය ලේඛිකාවකි. නීතිඥවරියකි. ඇය පිළිබඳව සාහිත්‍ය ප්‍රිය කරන මෙන්ම එසේ නොවන අයද නොදනී නම් ඒ ඉතා කලාතුරකින් විය හැකිය.
මේ මනෝහාරි ජයලත්ගේ සොහොයුරිය ඈ පිළිබඳව නොව පසුගියදා ඇගේ මව සිය 97 වැනි විය සපුරා තිබියදී පශ්චාත් උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් පළ කළ සටහනකි.
මගේ අම්මා❤️
වයස අවුරුදු 97ක්❤️
තාත්තා මිය ගියාම ගෑනු ලමයි හතර දෙනෙක් එක්ක විවාහයෙන් අවුරුදු 7ක් යද්දී තනිවුනා. ?????
නීති විද්‍යාලෙන් ආපහු ගෙදර ඇවිත් අපිට උගන්නන්න මුල් තැන දුන්නා. අපට සියලු පහසුකම් දුන්නා.?????
අපි PHD ඇතුළු පශ්චාත් උපාධි ධාරීන් උනා.❤️❤️
වෛද්‍ය ඉංජිනේරු නීති ගුරු අංශ වල ආචාර්ය මහාචාර්ය වරුන් උනා❤️❤️❤️❤️
මං බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
සමුද්‍රා බැලරට් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය වරියක්
ඉන්ද්‍රනීලා උපාධි ධාරී ගුරුවරියක්
මනෝහරී නීතිඥ වරියක් රාජ්‍ය සම්මාන දිනූ ගත් කතු වරියක් ❤️❤️
ඔයහැමදේම අස්සෙ අම්මා පොත් පත් පරිශීලනය කලා.
සිංහල ඉන්ග්‍රීසි දෙමල පාලි හින්දි සංස්කෘත හාශා වල නිපුනත්වයට පැමිනුනා???
සියලු ආකාරයේ හස්ත කර්මාන්ත වල අති දක්ශ උනා බීරලු තැටින් නිටිං ක්‍රොචේ එම්බ්‍රොයිඩරි චිත්‍ර ආදී බොහෝ දේවල් කලා. ??
ජීවිතේ කරදර පැමිණි වෙලාවල් වල ගැහැනු කම ඉක්මවා එඩිතර පිරිමියෙක් වගේ වැඩ කලා❤️
හැකි හැමවිටම බොහෝ අයට මුදලින් ඉඩකඩම් දේපල වලින්, දැනුමින් හා හැකි හැම විදිහට ම උදව් කලා.???
දරුවො ඈතට යනකොට උපේක්ශා සහගතව අධ්‍යාපන කටයුතුවල යෙදුනා.❤️
වයස 95දී උපාදියත් 97දී පශ්චාත් උපාධිය ත් ලබා ගත්තා.??
අපේ උපාධි උත්සව වලට ආඩම්බරෙන් ආව අම්මගෙ උපාධි උත්සවයට අපි හතර දෙනා ආවෙ මොනරු වගේ ආඩම්බරෙන්. ??❤️❤️
හැම ලමයෙකුටම නොලැබෙන ගාම්භීර අවස්තාවක් අම්මා අපිට දුන්නා .❤️
අම්මාගේ කතාව හැමෝටම විශේෂයෙන් ගැහැනු අපට ආදර්ශයක්
ආදරෙයි අම්මා ❤️❤️❤️









