මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ විසින් රචනා කරන ලද ගීත අතරින් සංගීතවත් කර එළිදැක්වුණු පළමු ගීතය 'ගැනිමි' කසුන් කල්හාරගේ හඬින් ඇසීමට හැකියාව තිබේ.
මාධ්‍යවේදිනියක මෙන්ම ව්‍යවසායිකාවද වන ඇය සිය කාර්යබහුල ජීවිතය තුළ මෙවන් කලා කටයුත්තකට ගෙන ඇති උත්සාහය අපූර්වය.
තනු සහ සංගීත නිර්මාණය කසුන් කල්හාරගෙනි. ගීත නිෂ්පාදනය 'ද ලීඩර් පෞද්ගලික සමාගම'ය.
තුෂාරාගේ නිර්මාණශීලී දිවියට අපෙන් සුබ පැතුම්!











