lan englan tam

අතන මෙතන

‘ජවිපෙ 2වැනි කැරැල්ල’ දෙසැම්බර් 20

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න  විසින් ලියු ‘ජවිපෙ 2වැනි කැරැල්ල’ කෘතිය දෙසැම්බර්  20 වන අගහරුවාදා සවස 3.00 ට කොළඹ 05, තුංමුල්ල මංසන්ධිය අසල පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර  ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී මෙම කෘතිය පිළිබදව සංවාදයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස විසින් ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව ඇසුරෙන් ග්‍රන්ථය හැදින්වීමට නියමිතය.

මහාචාර්ය ගාමිණි සමරනායක සහ  නීතිඥ උදුල් ප්‍රේමරත්න  විසින් මෙහි දී  අදහස් දැක්වීම් සිදු කිරීමට නියමිතය.

වැඩ සටහන මෙ‍හෙයවීම පාලිත පෙරේරා විසින් සිදු කරන අතර මුලසුන හොබවනු ලබන්නේ පුජ්‍ය  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය.

15272052 10207786996739077 7577651586329011553 o

Back to top
Go to bottom

Popular News