ආරියවංශ රණවීරයන්ගේ අනුවර්තනයක් සහ සම්මානනීය රංගවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ අධ්‍යක්ෂණයක් වන ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යය මාතරදී වේදිකා ගත වීමට නියමිතය.
ඒ එළැඹෙන නොවැම්බර් 7 වැනිදා සවස 2.30 ට සහ 6.45 ට දර්ශන වාර දෙකක් ලෙසින් මාතර විශ්වවිද්‍යාල ශ්‍රවනාගාරයේදී ය.
ඉන්දියාවේ නව දිල්ලි නුවර පවත්වන ලද, ‘2014 භාරත් රංග් මහොත්සව්’ අන්තර් ජාතික නාට්‍ය උළෙල ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ 2000 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පරිවර්තන නාට්‍යය, ඇතුළු රාජ්‍ය සම්මාන දොලහක් දිනාගැනීමට ද සමත් විය.
















