lan englan tam

පුවත්

‘පුරප්පට්ටුව’: අභියෝග අතික්‍රමණය කළ ගැහැනිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව පාදක කරගනිමින්, අභියෝග හමුවේ නොසැලෙන කාන්තා ශක්තිය පිළිබඳව විමසා බැලෙන විශේෂ සාහිත්‍ය සංවාදයක්,

එළැඹෙන ජූලි 29 වැනි බදාදා, සවස 04 ට, කොළඹ 07 ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේ පැවැත්වෙන "Colombo Literary Festival 2026" සාහිත්‍ය උළෙලේදී පැවැත්වීමට නියමිතය.

 

දුප්පත්කම සහ නූගත්කම යන සමාජීය බාධක මැද තම ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසෙන 'කුමාරි' නම් වූ මෙම නවකතාවේ කේන්ද්‍රීය චරිතය වටා මෙම කතිකාවත නිර්මාණය වී ඇත. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සීමාවන් තුළ සිරවී සිටින, එහෙත් එම අභියෝග ජය ගැනීමට වෙහෙසෙන සමස්ත කාන්තාවන් පිළිබඳ පුළුල් සංවාදයකට මෙමගින් මුල පුරනු ඇත. "ගැහැනියක තුළ උපදින ශක්තියට අභියෝග කළ හැකිද?" යන්න මෙම වැඩසටහනේ ප්‍රධාන තේමාවයි.

මෙම විද්වත් මණ්ඩල සාකච්ඡාව තනූජා ජයවර්ධන විසින් මෙහෙයවනු ලබන අතර, කෘතියේ කතුවරිය වන මනෝහාරී හේවාවසම් සමඟින් සුජිත් අක්කරවත්ත සහ සුරේඛා සමරසේන යන විද්වතුන් මීට සම්පත් දායකයන් ලෙස එක්වීමට නියමිතය.

 

kemadasa

shungara

Back to top
Go to bottom