lan englan tam

අතන මෙතන

CSR මාසික විද්වත් සිනමා කතිකාවට වසරක් පිරේ..“විජයබා කොල්ලය” මෙවර වැඩසටහනට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

CSR මාසික විද්වත් සිනමා කතිකාවට වසරක් පිරේ..“විජයබා කොල්ලය” මෙවර වැඩසටහනට

 

සෑම මසකම අවසන් සෙනසුරාදා දින පවත්වනු ලබන “CSR මාසික විද්වත් සිනමා කතිකාවට” පසුගියදා වසරක් සපිරනු ලැබී ය.

සිනමා, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධ්‍ය හා නර්තන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘‘ CSR කලා කෙත’’ මගින් සංවිධානය කරනු ලබන, සිනමාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘‘ විජයබා කොල්ලය’’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් සිනමා කතිකාවක් ජනවාරි 25 වන සෙනසුරාදා සවස 1 සිට මරදාන ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම විද්වත් කතිකාවට සිනමා විචාරක ප‍්‍රියන්ත කොඩිප්පිලි, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත එක්වන අතර  මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබේ.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් හා සංවිධානයෙන් පැවැත්වූ මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘‘කෙටි චිත‍්‍රපට සංගමය’’ හා ‘‘ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’’ මගිනි.

වැඩිදුර විමසීම්: තිළිණ අලහකෝන්
(CSR මාධ්‍ය ඒකකය) 0716 492399

 

Back to top
Go to bottom

Popular News