lan englan tam

පුවත්

අම්මා වෙනුවෙන් වේදිකාවට සමුදුන් Coach අභී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
The Voice Teens (Season 3) වැඩසටහනේ Coach කෙනෙක් විදිහට කටයුතු කරපු අභිෂේකා විමලවීර (Abhi) ඇයි හදිසියේම මෙයින් ඉවත් වෙන්නේ කියන එක ගැන සමාජ මාධ්යවල ලොකු කතාබහක් ඇති වෙලා තිබෙනවා.

 ප්රේක්ෂකයින් බොහෝ දෙනෙක් මේ ගැන විවිධ අදහස් පළ කරද්දී, ඇය මේ තීරණය ගන්න හේතුව ඇය විසින්ම පැහැදිලි කරලා තිබෙනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, තමන්ගේ අම්මා වෙනුවෙන්.

සමාජ මාධ්ය වෙත අදහස් දක්වමින් ඇය ප්රකාශ කර තිබුණේ, "මං සංගීත කටයුතු වලින් තාවකාලිකව සමුගන්නවා.. එකම හේතුව ... අම්මා!" කියලයි. තමන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන් කාලය කැප කරන්න අවශ්ය නිසා ඇය මේ විදිහට සංගීත කටයුතුවලින් සහ The Voice Teens විනිශ්චය මණ්ඩලයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
 
ඇයගේ මේ සංවේදී ඉවත්වීමත් එක්ක, ප්රේක්ෂකයින් රැසක් තමන්ගේ කණගාටුව පළ කරලා තියෙනවා වගේම ඇය නැති අඩුව Voice Teens වේදිකාවට ලොකු පාඩුවක් බවත් පවසනවා. කොහොම වුණත්, දියණියක් විදිහට මව වෙනුවෙන් ඇය ගත්තු මේ උතුම් තීරණයට හැමෝම ගරු කළ යුතුමයි.

kemadasa

shungara

Back to top
Go to bottom