තිරයේ රඟපෑ Rab Ne Bana Di Jodi පිටියේ ජීවමාන කළ ඇය....
Rab Ne Bana Di Jodi කියන එකේ තේරුම තමා "දෙවියන් විසින් මැවූ යුවළ"
ඒ තමයි 2008 වසරේ Anushka Sharma රඟපෑ පළමු චිත්‍රපටය. එදා ඈ රිදී තිරයේ Taani ලෙස රඟපාද්දී අපට ඇතිවුණේ සංවේදි ප්‍රේමාවින්ත හැඟීමක්.
තමන් හැඟීම් මවන්නට උපන් හපන්නියක් බව සනාථ කරමින් Anushka විවිධ ශානරයේ චරිත රැසකින් ඉක්බිතිව අප හමුවෙනවා. ඇය රඟපෑ චිත්‍රපට බොහොමයක් සාර්ථක වූ අතර බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වයේම Heroine වන්නට වරම් ලද අතළොස්සෙන් කෙනෙක් වෙනවා.
අවුරුදු 27 දී චිත්‍රපට නිෂ්පාදිකාවක් වන ඇය NH10, Phillauri, Pari තිළිණ කරනවා. සිනමාවේ දීර්ඝ ගමනක් යාමේ රූප සම්පත, රංගන සහ නර්තන හැකියාව, මූල්‍ය ශක්තිය, තරු ගුණය, රසික ආකර්ෂණය සියල්ල තබාගෙන Anushka තම පෞද්ගලික සතුටට මුල්තැන දෙනවා.
2013 වසරේ Virat Kohli ව මුණගැසීම ක්‍රමිකව ප්‍රේමය දක්වා දුර ගිය අතර ඔවුන් 2014 වසරේ පෙම්වතුන් බව ලොවට අනාවරණය කරනවා.
එතැන් සිට Anushka ක්‍රිකට් පිටියේ නිතර දකින කෙනෙක් වුණා. මුල් කාලෙ ප්‍රේක්ෂකයින් සහ මාධ්‍යයවල විවේචනවලට පවා ලක්වුණා. මැච් පරදිද් සමහරු ඇයව ට්‍රොල් කළා.
එහෙත් ඒ කිසිවක් අල්ප මාත්රයකටවත් මායිම් නොකර Anushka ඔහු එක්කම හිටියා. ඔහුව දිරිමත් කළා. තරඟයක් දින්නම සතුටු කඳුළු වගුරන්නටත්, පැරදුණාම අඬන්නත් ඇය තම උරහිස දුන්නා. ඔහු 100 ක් ගැහුවම මුලින්ම කළේ ඇයට Flying Kiss එකක් දෙන එක. Virat පිටියට ගියාම පන්දු රකින්නන් නිරීක්ෂණය කරන්න කලින් බැලුවෙ Anushka ව පේන්නෙ කොයි පැත්තෙන් ද කියලා.
කොල්ලෙක්ව Motivate කරන්න පුලුවන් කෙල්ලෙක් වාසනාවක්. එහෙම කෙල්ලෙක්ව අත් නොහැර ඔහු තම බිරිඳ කරගන්නෙ 2017 දෙසැම්බරයේ.
2018 වසරෙන් පසු ඇය රිදී තිරයට පායන්නෙ නෑ. එහෙත් ඇය ක්‍රිකට් පිටියට පායනවා. ඒ තම සැමියාට ශක්තියක් වෙන්න. ඇය පැය කිහිපයක් තරඟයේම ජීවත්වෙනවා. පිටියට එන ඔහු කණ්ඩායම එකට තැබුවත් සංවාදයෙ යෙදෙන්නෙ ඇය එක්ක. ක්‍රිකට් පිටියක එතරම් හොඳින් මනෝ විද්‍යාත්මක අභින හුවමාරුවේ යෙදෙන යුවලක් මා නම් දැක නෑ.
Anushka දැන් රිදී තිරයේ ඉඳහිටවත් නොදැකීම නම් සිනමාව පැත්තෙන් පාඩුවක්.
ඒත් ඒ ඇගේ තෝරාගැනීම. ඇගේ සතුට. ඇගේ අයිතිය.
ඒ තෝරාගැනීමට ඔහු දෙන වටිනාකම අතිශය ප්‍රශංසනීයයි. ගෞරවණීය යි. සැබැවින්ම Virat Kohli දිනූ හොඳම කුසලානය Anushka. ඈ ලද හොඳම නිර්මාණය Virat.
රිදී තිරයේ Anushka කළ Rab Ne Bana Di Jodi ක්‍රිකට් පිටියේ Virushka ලෙසින් ජීවමාන වනු දැකීම සැබැවින්ම ප්රහර්ෂයක්.









