lan englan tam

විශේෂාංග

මේක ළහිරුගේ පැටන් එක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ළහිරු මුදලිගේ ස්වර්ණවාහිනී නරඹන කව්රුත් දන්න වැඩ සටහන් ඉදිරිපත් කරන තරුණයෙක්.ළහිරු හරි ක‍්‍රියේෂන් හි කළමනාකාර අධ්‍යක්‍ෂවරයා. හරි ක‍්‍රියේෂන් මගින් බොහොමයක් ගීත වලට වීඩියෝ නිර්මාණ කරනවා. මේ වනවිට ළහිරු විසින් හරි ක‍්‍රියේෂන් හරහා කරන ලද මියුසික් වීඩියෝ ප‍්‍රමාණය පන්සියයකට ආසන්නයි.

ශෂිකා නිසංසලා ගයන' ඔබ මා හමුවුණ දා', රොෂාන් ප්‍රනාන්දුගේ 'ඔයා නිසා හඬලා' නොයෙල් රාජගේ 'දුක වැඩි තරමට', උදය ශ්‍රී ගයන 'මගෙ හීනයෙ', තීක්ෂණ අනුරාධ ගයන 'ආයෙත් හඬන්න' සහ 'සායම් කිරිල්ලී',  සඳුන් පෙරේරාගේ 'ආයෙත් වරක්' සහ 'පූජා කරන්නම්', චාමික සිරිමාන්න ගයන 'වෙන්වී දැන්', අසංක ප්‍රියමන්ත පීරිස් ගයන 'ඇතුල් හිතේ' වැනි මෑත කාලීනව ජනප්‍රියවූ ගීත සඳහා රූප රචනය කර ඇත්තේ ළහිරුයි.

"අද වෙනතුරු හැබැයි මට කවුරුත් කියලා නෑ ඔයා අරයා වගේ නේද කියලා. මොකද මගේ ආකෘතිය තුළ ඉඳගෙන තමයි මම වැඩ කරන්නේ.මගේ වේගයක් තියෙනවා. රිද්මයක් තියෙනවා. ඒක ඇවිල්ලා ළහිරුගේ ක්‍රමය.ළහිරු ළහිරුමයි. ඒක නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැමෝම කියන්නේ මේක ළහිරුගේ පැටන් එක කියලයි. යනුවෙන් තමන්ගේ ක්‍රමය ගැන පසුගිය කාලයේ ඔහු පුවත්පතකට ද සඳහන් කර තිබුණා".

මේ දිනවල ජනප්‍රියම ගීත අතරින් 500ක රූප රචනයේ හිමිකරුවා වූ ළහිරු මේ දිනවල තවත් මියුසික් වීඩියෝ 25ක් පමණ නිර්මාණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.හරි ක‍්‍රියේෂන් අතේ ඇති බජට් එකට වැඩක් කරලා දෙන්න සූදානම්ලු.

නෙත් පුවත් ඇසුරිනි.

Back to top
Go to bottom

Popular News