lan englan tam

O Oපේ

හැරී පොටර් චිත්‍රපටයේ නිළියට මාස හයක රිය පැදවීමේ තහනමක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රකට “හැරී පොටර්” චිත්‍රපට මාලාවේ ‘හර්මයිනි ග්‍රෙන්ජර් ’චරිතය නිරූපණය කළ ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළි එමා වොට්සන්ට මාස හයක රිය පැදවීමේ තහනමක් පනවා තිබෙනවා.

2023 ජූලි 31 වනදා ඇය විසින් ඔක්ස්ෆර්ඩ් නගරයේ මාර්ගයක රිය ධාවනය කළ යුතු උපරිම වේග සීමාව ඉක්මවා පැයට සැතපුම් 38ක වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් වරදකාරිය වීම නිසා ඇයට මෙම තහනම පනවා ඇති බවයි සදහන් වන්නේ.

නඩුව 2025 ජූලි 16 වන බදාදා දිනයේ හයි වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර, එමා වොට්සන් එම නඩු විභාගය සඳහා පෙනී සිට නැහැ.
මෙහිදී අධිකරණය විසින් ඇයට පවුම් 1,044ක ( අමෙරිකානු ඩොලර් 1,400කට ආසන්න) දඩයක් නියම කළ අතර, ඇය රිය පැදවීම සඳහා නුසුදුසු යැයි තීරණය කර තිබු බව පැවසෙනවා.

එමෙන්ම හැරී පොටර් චිත්‍රපට මාලාවේ තවත් නිළියක් වන ක්විඩිච් විනිසුරු 'මැඩම් හූච්' චරිතයට නිරූපණය කළ ''සෝයි වනමකර්''ට ද, පසුගිය වසරේ වේගයෙන් රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් වොට්සන් මෙන් එදිනම සහ එම අධිකරණයේදීම රිය පැදවීමේ මාස හයක තහනමක් පනවා ඇති බවද සදහන් වෙනවා.

එමා වොට්සන් “හැරී පොටර්” චිත්‍රපට අටටම ‘හර්මයිනි ග්‍රේන්ජර්’ චරිතය නිරූපණය කරමින් රංගනයෙන් දායක වී ඇති අතර  Colonia, Regression, Beauty and the Beast , The Circle, Little Women  වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පිනියක්. එමෙන්ම ඇය සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරනවා.



kemadasa

shungara

Back to top
Go to bottom