පසුගියදා නිමා උන 30 වන සුමති සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට සමත් උනේ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දුයි.
ඇයට මේ සම්මානය හිමි උනේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය උන " තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍යයේ “පූජනී” නැමැති චරිතය නිරූපණය කරමින් දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන්.
කොහොම උනත් සම්මාන උළෙල පැවැත්වුන (15) දා ඇය විදේශගතව සිටි නිසා 'හොඳම නිළිය සම්මානය' සම්මාන උළෙලේදී ලබා ගන්න ඇයට හැකියාව ලැබුනේ නැහැ.
එදින සම්මාන උළෙලේදී ඇයව නියෝජනය කරමින් ඇය වෙනුවෙන් සම්මානය ලබා ගත්තේ ඇයගේ වැඩිමල් සහෝදරියයි.
ඉතින් තරින්දි විසින් තමන්ට අනපේක්ෂිත විදිහට සම්මාන උළෙලට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව සඳහන් කරමින් සහ සියලු දෙනාටම ස්තූති කරමින් මිට දින කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් පවා එක් කරලා තිබුණා.
ඔන්න, සම්මාන උළෙල නිමා වෙලා දින කිහිපයකට පස්සේ නැවතත් ඇය ලංකාවට පැමිණිලා තියෙනවා.
පහතින් දැක්වෙන්නේ හොඳම නිළිය සම්මානය ලැබීම ගැන තරින්දි විසින් සිය මුහුණු පොත හරහා එක් කරළා තිබුණ අපූරු සටහනක්.
(උපුටා ගැනීම)
සම්මානය ලැබුනා! Sumathi Awards
පිටත බලන්නා සිහින දකියි; තමන් ව ගවේෂණය කරන්නා අවදි වේ : Who looks outside, dreams; who looks inside, awakes." - Carl Jung
" තත්පරයක් දෙන්න " ටෙලිනාට්‍යයේ, පූජනී කියන චරිතය ගැන කතා කරද්දි මනෝ විද්‍යාඥ කාර්ල් යන්ග් ගේ මේ quote එක බුද්ධිකා අක්කා Buddhika Erandi Jayasinghe නිතරම මතක් කරනවා.
හේතුව, අපි ලෝකය දිහා බලාගෙන හීන දකින්න ගත කරන කාලයට වඩා අපි-අපිවම, මම මාවම දකිමින් මගේ ශක්‍යතාවයන් අඳුන ගැනීම වෙනුවෙන් වැයකරන්න පුළුවන්නම් අපිට කළහැකි දේ අප්‍රමාණයි.
පූජනී කියන චරිතය වගේම " තත්පරයක් දෙන්න" සමස්ත නිර්මාණය ම සමාජයට එකතු කළ පණිවිඩයත් ඒකමයි.
වෘත්තියමය රංගන ශිල්පිණියක් විදිහට ත් මම විශ්වාස කරන්නෙ හීන වෙනුවට අරමුණු වලට යන්න හොඳම විදිහ අපි අපිට, අපි කරන කාර්‍යයට අවධානය/ focus දෙන එකයි වැදගත්ම.
හැමදාමත් වගේ මගේ රටේ ඔයාලා අතරින් පුංචි තිරයට ආව මට මේ ලැබුන සුමති හොඳම නිළිය සම්මානය ගෞරවයක්, උත්තේජනයක් වගේම වගකීමක්. ඒ වෙනුවෙන් මම වගවෙනවා!




(සටහන සහ ඡායාරූප උපුටා ගැනීම "Tharindi Fernando" මුහුණු පොත ඇසුරිනි)













