සංගීතවේදී දිනේෂ් සුබසිංහ දැන් ටික කාලෙක ඉදන් තමන්ට ඇසුරු කරන්න ලැබුණ ප්‍රවීණයන්ගෙන් ලැබුණු ගුරුහරුකම් ගැන වගේම ඔවුන්ගේ ආශ්‍රයෙන් ලැබුණු අත්දකීම් ගැනත් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා තොරතුරු බෙදා හදා ගන්නවා.
මෙවර ඔහු මෙරට ප්‍රවීණ සංගීතවේදියෙකු වූ ප්‍රේමසිරි කේමදාසයන් සමඟ ඔහුට මුහුණ දෙන්නට සිදුවූ රසවත් සිදුවීමක් ගැන සිය මතකය අවධි කරමින් ලියලා තිබුණා.
පහතින් දැක්වෙන්නේ එම සිදුවීම ගැන දිනේෂ් සුබසිංහ තැබූ සටහනයි
(උපුටා ගැනීම)
කේමදාස මාස්ටර් සහ පොලිසිය අතර සිද්ධ වුණු පොඩි සිද්ධියක් කියන්න හිතුනා ඔයාලට,
2002 හෝ 2003 වගේ කේමදාස මාස්ටර් ගෙ උපන්දිනය සැමරුවා එදා ඉඳපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, කොලඹ ජනාධිපති මන්දිරයේ දි,
මැති ඇමති වරු, තානාපති වරු ඉහළ නිලධාරීන්, ක්‍රීඩකයින්, නළු නිළියන්, ගායක ගායිකාවන් වැනි සුප්‍රසිද්ධ අය 200, වඩා හිටියා මගේ මතකයට අනුව, මමත් ගියා පිරිනිවන් මංගල්‍යය cantata වාදනයට,
ඉස්සර මගේ පුරුද්දක් තියෙනවා කොලඹ යද්දී වැඩිපුර ඇඳුම් ටිකක් අරගෙන යන්න,
හේතුව තමයී උදේ මාස්ටර්ගෙ පටිගත කිරීමක් කරලා හවසට ඉවර වෙද්දි ගුණදාස කපුගේ, රෝහණ විරසිංහ හරි තිස්සසිරි Perera, මර්වීන් Perera වගේ වෙනත් සංගිත අධ්‍යක්ෂකවරු අපිව තියා ගන්නවා රාත්‍රී පටිගත කිරීම් වලට,
ඉතින් එදා මම ඇදුම් අරගෙන ගියා, උපන්දින සාදය අතරතුර ගරු ජනපතිනිය සමග ජායාරූපයකට පෙනී සිටින අතරතුර මාස්ටර් මගෙන් ඇහුවා හෙට හික්කඩුවේ work ෂොප් එකක් තියෙනවා යමුද කියලා,
මම ඇදුම් තිබ්බ නිසා මාස්ටර්ට එක පයින් කිව්වා යමු කියලා,
එදා උපන්දින සාධය සුපිරියට ඉවර වෙලා අපි ගෙදර යද්දි මම මාස්ටර්ගේ වාහනයට නැග්ගා ඔහුගෙ ගෙදර ගිහින් නවතින්න,
එවිට ජනපති තුමියගේ ලේකම් තුමිය පැමිණ මාස්ටර් ට කිව්වා ඔබ තුමා ජාතික වස්තුවක්,
ඔබ තුමා රැක ගන්න එක අපේ වගකීමක්,
ඕනම හදිසියක් අවශ්‍යතාවක් වෙනුවෙන් ඇය අමතන ලෙස, ඇයට එය ජනාධිපති තුමිය දුන් නියෝගයක් බව,
එහෙම කියලා කේමදාස මාස්ටර් ට visiting කාඩි පතක් දුන්න,
අපි ගෙදර ගිහින් පසුදා අළුයම නැගිට හික්කඩුව බලා පිටව ගියා, මාස්ටර් වාහනය එලව ගෙන යනවා, මොරටුව පැන්නා, highway නැහැ ඒ කාලේ, පානදුර පනින කොට පාර පටු වෙනවා,
මාස්ටර්ගේ අතින් පාරේ තනි ඉරක් කැපුනා,
වරදක් වුණා, පොලිසියේ traffic මහතා කෙනෙක් අත දැම්මා, අපි වාහනය නවතා දමද්දී එතුමා එතැනට ඇවිත් ගන්න ලයිසන් සහ බලපත්‍ර කිව්වා,
මාස්ටර් බලපත්‍ර දුන්නා, නිලධාරී තුමා දඩය ලිව්වා, අපි දඩ කොලයක් ගත්තා, හික්කඩුවට ගොස් Workshop ඉවර කරලා එද්දි මාස්ටර් කිව්වා ආපහු එන්න බැරි නිසා ගෙවලා කොහොම හරි ලයිසන් බලපත්‍ර අරගෙන යමු කියලා,
මම තැපැල් කන්තෝරුවක දඩ මුදල ගෙවලා අපි ගියා අදාල පොලිසියට බලපත්‍ර ගන්න,
වැඩේ ඉවර කරගෙන එළියට එද්දී එහෙ තිබෙන ASP හෝ එයට ඉහළ නිලධාරීන්ගෙ කාර්යාලයකට කේමදාස මාස්ටර් ආවා කියලා ආරංචි වෙලා ඉහළ නිලධාරීන් පිරිසක් ඇවිත් අපි එලියට එද්දි මාස්ටර්ගෙන් අහනවා,
ඔබ තුමා කොහෙද මෙහෙ, මොනාද කෙරෙන්න ඕන කියලා,
මාස්ටර් ගෙ උත්තරය විශ්මිතයි, උත්තමයි,
මාස්ටර් කියනවා මම ඉස්සර මුණ ගැහුණ මේ පොලිසියේ ඉඳන් මාරු වෙච්ච යාලුවෙක් ඉන්නවා සුමනෙ කියලා, හෝඩුවාවක් හොයා ගන්න ආවා කිව්වා,
ඒත් එක්කල නිලධාරීන් තුමන්ලා අපිට සංග්‍රහ ලෑස්ති කරලා කාර්යාලයට කැඳවාගෙන ගියා,
මාස්ටර් ගෙ ඔලුව රත් වෙන වැඩක් වුණා, එහි සිටි පොලිස් මහත්තුරු පොත් කිහිපයක් ගෙනැවිත් සුමනෙ නම තියෙන අය හොයනවා,
මාස්ටර් ටිකකින් එක පාරට කිව්වා
හා මට මතකයි දැන් මතක් වුණා මිනිහා ඉන්නේ පානදුර ට එහා ඇතුලට යන්න ඕන කියලා,
පොලිස් මහත්තුරු කිව්වා සර් අපේ වාහනයක් අරගෙන ගිහින් මිනිහා හොයාගමු කියලා,
මම මොලේ පාවිච්ච් කරලා කිව්වා මාස්ටර් අද හවස recording එක පාරක්කු වෙයි කියලා,
බොරුවක් කියලා 99 න් shape කරගෙන සුහද කතා බහක යෙදී යළි පැමිණ කාලයක් යන විට
මා තේරුම් ගත්තෙ ප්‍රේමසිරි කේමදාස මාස්ටර්
මොනතරම් ගෞරවාන්විතව අපේ රටේ නීතිය උත්තම කොට සැලකුවාද කියලා,
එදාට ඉස්සෙල්ලා දවසේ රටේ අංක එකේ පුරවැසිනිය නොහොත් ජනාධිපති තුමිය සැමරුවේ එතුමාගේ උපන්දිනය,
කට ඇරියේ නැහැ තමුන්ගේ වරද පිළිගෙන,
එතුමාගෙන් මම ගත්තෙ ශබ්දාගාරයක් ඇතුලේ Hitlar කෙනෙක් වගේ ඉන්න විඳිය නොවෙයි
නීතිය යනු දහමක් ලෙස සලකන ධර්මතාවයයි,
අලුතින් ලෝකය දිනන්න ආස මට පෙම් බැඳි සහෘදයන් සියල්ලන්ටම මේ කතාවෙන් කියන්න තියෙන්නේ නීතිය යනු අපි සියල්ලෝම රකින ධර්මයක් විය යුතු බව ,
ඒක කඩා බිඳ දමන අය ගැන මොහොතක් වත් දුක් වෙන්න එපා, අනුන්ගේ පවු අපිට අයිති නැහැ,
නීතිය අපි ආදරේ කරන ආගමක් විඳියට අදහන්න, ප්‍රේමසිරි කේමදාසයින් එදා තමුන්ගෙ මනස තුලින් නීතිය ඉස්සරහ දණින් ගියා,
නීතිගරුකව දඩය ලියපු පොලිස් නිලධාරී තුමාගෙ ගරුත්වය උපරිම රැක ගත්තා,
නීතිය කියන්නේ අපි ආදරේ කරන ආගමක්,
කර්ම ශක්තිය අඩු ඔක්කොම දෙනා ආරක්ෂා කර ගන්න අපිට තියන උතුම්ම දේ තමයී රටක නීතිය,නැත්නම් මිනිස්සු ගොඩාක් පවු,
අපි ඔක්කොම පවු, හඬ නැති සත්තු පවා පවු.

(සටහන සහ ඡායාරූපය උපුටා ගැනීම 'Dinesh Subasinghe' ෆේස්බුක් පිටුව ඇසුරිනි)
















