90 දශකයේ, ඒ අහඹු අතීත හැන්දෑවෙහි, ඉරානයේ ටෙහෙරාන් අගනුවර වීදියක, රතු සංඥා එළි දැල්වී තිබුණි.
කොළ සංඥාව ලැබෙනතුරු තම වාහනයේ රියැදුරු අසුන මත සිටි වාස්තු විද්‍යාඥයාගේ වාහනයේ පැති දොර වීදුරුවට අයෙකු තට්ටු කරනු ඇසුණි.
වාස්තු විද්‍යාඥායා වීදුරුව පහත් කළේ සැක මුසුවය.
තදබද වාහන පොකුර අතුරින් තමා දුටු සුවිශේෂ මුහුණ හඳුනාගෙන කඩිනමින් පැමිණ, මේ වාහන වීදුරුවට තට්ටු කළේ අන් කවරෙකුවත් නොව, සුප්‍රකට ඉරාන සිනමාකරු අබ්බාස් කියරොස්තාමි ය.
"මගේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නළුවෙක් හොයනවා. කැමතිද ඔඩිෂන් එකට එන්න..." කියරොස්තාමි ඔහුගෙන් ඇසීය.
මේ චිත්‍රපටය එම වසරේ කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වුවා මතු නොව, වාහන තදබදයක් මැද හදිසියේ මුණ ගැසුණු, කිසිදා නළුවෙකු වීමට අදහස් නොකළ, වෘත්තීයෙන් වාස්තු විද්‍යාඥයෙකු වූ මොහු ලෝක සිනමාවේ අමරණීය මතක සහිත නළුවෙකු බවටද පත් විය.
ඉතා අහඹු ලෙස හමුවී, කියරොස්තාමි විසින් ඔහුව සිනමා ලොවට රැගෙන ආ චිත්‍රපටය, සිනමා ලැදි අප කාගේත් අනුස්මරණීය සිහිවටන කෘතියක් වන Taste of Cherry ය.
හෝමයුන් එර්ෂාඩි 'Taste of Cherry' චිත්‍රපටයේ
අහඹු මුණ ගැසීමක ප්‍රතිඵලයක් වූ මේ අග්‍රගණ්‍ය සිනමාවේදියා, Homayoun Ershadi, ඊයේ (11) දින පිළිකා රෝගයෙන් මියයන විට 78 හැවිරිදි වියේ පසු විය.
'Zero Dark Thirty', 'A Most Wanted Man', 'Agora', 'Kite Runner' වන් අප වසඟ කළ සිනමා කෘතීන් හී ඔහු රංගනයෙන් දායක විය.
හෝමයුන් එර්ෂාඩි
සුව නින්දක් ඔබට හිමිවේවා විශිෂ්ටයාණෙනි.
සටහන - ජනක ඉණිමංකඩ
(මෙම සටහන 'Janaka Inimankada' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.)
















