lan englan tam

රාජ්‍ය නාට්‍ය උළෙල; එදා ජගත්, සෞම්‍ය අද ජිනිඳුලා… හෙට….?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 -එම්. සෆීර්-

පෙරේදා ජිනිදු ඇතුල තරුණ කණ්ඩායම රාජ්‍ය නාට්‍ය උළෙලේ තමන්ගේ නාට්‍යයට පසු යම් කිසි විරෝධයක් දැක්වූවා. එම කොල්ලන්ට මගේ ආචාරය...

සෑම වසරකම රාජ්‍ය නාට්‍ය උළෙල අරඹයා මෙවැනි කතිකා ඇතිවන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඒකට හේතුව එවැනි ඒකරාශි වීමක් සිදුවන්නේ වසරකට වරක් නිසා. පසුගිය රජයන් මෙන්ම මෙම රාජයත් නාට්‍ය කරුවන් හමුවන්නේ උළෙලට නාට්‍ය ඉදිරිපත් කරන අයව පමණයි.

පසුගිය වසරේ නාට්‍ය උළෙලේ අර්බුදය කතා කරද්දි ඇමතිවරයා කීවේ ‘‘අපි කරන්නේ කලින් සංවිධානය කරපු උළෙලක්, ඒ නිසා ලබන වසරේ එවැනි දෙයක් නොවන බවයි’’.

දැන් මේ වසරේ උළෙල ගැන කතා බහ වෙයි. ඇමතිවරයාට ඒ අමතක වෙලා ද දන්නේ නැහැ.

දෛවයේ සරදමක් ලෙසින් 2016 සෞම්‍ය ලියනගේ, ජගත් මණුවර්ණ, දීපානි සිල්වා උස්සගෙන හිටපු ව්රෝධතා පුවරු අද ජිනිඳුලා උස්සගෙන ඉන්නවා. ඉතිහාසයේ නැවත නැවත එකම දේ සිද්ද වෙනවා.

 

2016 දීපානි සිල්වා කියනවා ‘‘රාජ්‍ය නාට්‍ය උළෙල අපේ අයිතියක් ඒ නිසා එය නිසා ආකාරයට කිරීම රජයේ වගකීමක්’’ කියලා. ජගත් ද එදා ඒ වෙනුවෙන් කියනවා "අපි යහපාලන වෙනුවෙන් පෙනි හිටියා. ඒක අපේ අයිතියක්’’ කියලා. එදා සෞම්‍ය ලියනගේ එවකට සභාපති කේ. බී. හේරත්ගෙන් අහනවා ‘‘වරද කාගෙද ?. වෙන කාගෙ ද ?.’’ කියලා. අද සෞම්‍ය නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති... මෙවට අඩනවද හිනා වෙනවද කියලා තේරෙන්නේ නැහැ..

 

582611551 25104344435894684 646895639877110954 n 1

583322697 25104344755894652 829855862427283539 n

581689848 25104344245894703 8744361576972899718 n 1

 

ඡායාරූප ටික බලන්න. එදා අදමයි... එකම වෙනස පුද්ගලයන් දෙපැත්තට මාරුවෙලා....

රාජ්‍ය නාට්‍ය උළෙල කියන්නේ හුදු උළෙලක් සංවිධානය කිරිමෙන් අවසන් වන ක්‍රියාවලියක් නොවේ. එය සමස්ත රටේ නාට්‍ය ගමන්මග පිළිබඳ ඒක පැතිකඩකි.

මට නම් පේන්නේ මේ අර්බුදය ඇති වෙලා තියෙන විදිය මෙහෙමයි..

කිසිදු නිල බලයක් නැති කලා මණ්ඩලයක්,

කිසිදු නිල බලයක් නැති අනුමණ්ඩලයක්,

එකම කාලයක් එක දිගට ඉන්න නිළධාරින් පිරිසක්,

හිගන වාර්ෂික නාට්‍ය උළෙලට අදාල අය වැයක්,

වාර්ෂික සැලසුමක් නැති උළෙලක්...

සාම්ප‍්‍රදායික සංස්කෘතික අමාත්‍යාංශයක්,

සංස්කෘතිය අයිතියක් හැටියට පිළිනොගන්නා රජයක් වගේම,

දෙසැම්බර් 31 ට වැය ශීර්ෂ ඉවර කරන්න කරන කාලකන්නි ක‍්‍රමයක් කියලයි. ඒ ක‍්‍රමය නැති කල යුතුයි. ඒකට අවුරුද්ද මුල සිටම සැලසුම් හැදිය යුතුයි.

මෙන්න මේක තේරුම් ගන්න පුලුවන් නම් උත්තර එතන තියෙනවා.

මේ ආණ්ඩුව පත්වෙලා දැන් වසරකට වැඩියි. දැන් කියන්න බැහැ තව කල් ඕනෙ කියලා.

බලය ලබා ගන්නා තුරු කලාකරුවන් මාරයි. බලය ලැබුනු විට කලාව කන්නද කියන ආන්ඩු පසුගිය අවස්ථා 8ක අපට හමුවෙලා තියෙනවා. සිදු වුනේ එකම දෙයක්. මේවා ගැන කතා කරන අය ත‍්‍රස්වාදින් වීමයි.

මේකෙන් ගොඩ යන්න නම් ඉස්සවෙලා නාට්‍යකරුවන්ගේ ප‍්‍රශ්නය කතා කරන්න නාට්‍යකරුවන්ට අවස්ථාවක් දිය යුතුයි. ඒවා ඇහුන්කන් දෙන්න තරම් ඇමති තුමා සහ නිලධාරින් අවංක විය යුතුය. ඒවා සඳහා නිසි විසඳුම් අවංකව ලබා දිය යුතුයි.

අපි හිතමු ජනාධිපති තුමාගේ හිත උනු වෙලා සම්මානවලට දෙන ගාන වැඩි කලා කියලා. එකෙන් අර්බුදය විසඳෙනවද?. නැහැ. ඒක තමයි අවුල. ඒක ලිහා ගන්න ගොඩක් හිතන්න වෙනවා. ඒකට තමා සුද්දා කලා මණ්ඩල පනත දීලා ගියේ. අපි අවුරුදු 70 වක කාලයක් ඒක තියගෙන ලොට ලොට ඉන්නවා.

එක්කෝ නාට්‍යකාරයෝ ඔක්කෝම එකතුවෙලා නාට්‍ය උළෙලට නාට්‍ය දාන එක නවත්තන්න ඕනේ. නැත්නම් මේකට උත්තර හොයන්න ඕනෙ. ආණ්ඩුව පහසුකම් ඇති කරන්න ඕනේ.

හිතවත් සුනිල් සහෝදරයා, Hiniduma Sunil Senevi

ඔබට ලොකු වුවමනාවත් තිබුනට ඔබ යටතේ ඉන්න කාඩර් එක මේක විනාශ කරනවා. ඒ පිළිගන්න අවංක වෙන්න. තමන්ට කර ගන්න බැරි වැඩේ කරන්න බලතල සහිත ව්‍යුහයක් හදන්න. ඒකට පක්ෂයෙන්ම පමණක් නෙවෙයි වෙනත් නාට්‍යකරුවන්ද ගන්න. අමාරුවෙන් අනුමණ්ඩල අටවන්න එපා. පක්ෂ භේද, ජාතිබේද පැත්තක තියලා නාට්‍ය කලාවට ආදරය කරන පිරිසක් යොදා ගන්න. කෙලින් තීරණ ගන්න.

මට නම් හිතෙන්නේ ඔබ සිහින දැකපු සංස්කෘතික සමාජය ඔබම විනාශ කරනවා කියලයි. ඉතිහාසයේ අසාර්ථකම සංස්කෘතික ඇමති වෙන්න එපා. නාසිසක් වගේ ඔබ ඔබ දෙස බලන්න. එවිට ඔබට ඔබව පෙනෙනු ඇත..

90 ගණන්වල රාජ්‍ය නාට්‍ය උළෙල දෙවන වට, අවසන් වට සංවිධානය කලේ ගොඩක් කල් ඇතුව. පොස්ටර් ගැහුවා. කට් අවුට් දැම්මා, ආරාධනාපත‍්‍ර බෙදුවා, සමරු කලාප ගැහුවා. අනුග‍්‍රහකයෝ හිටියා. දැන් බලාගෙන ගියාම මොන මගුලක්වත් නැහැ නේ.

දැන් නිලධාරින් කරන්නේ අවුරුද්දේ මාස 6 ක් නිකම් ඉදලා එක පාරට නින්දෙන් නැගිටලා නාට්‍ය උළෙල පටන් ගන්නවා. චක‍්‍ර ලේඛන හදනවා. ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නැහැ. ඇමතිවරයාව අන්දනවා බොරු කියලා. නාට්‍යකාරයෝ මල වදයක් කියලා කියනවා. ඒ අය හිතාගෙන ඉන්නේ නාට්‍යකාරයෝ ජීවත් වෙන්නේ නිලධාරින්ගෙන් කියලයි.

ඉතින් සුනිල් සහෝ Hiniduma Sunil Senevi අපි ටිකක් අවංක වෙමු ද.. ජනාධිපති තුමාටත් ටිකක් කියනවද කරදයක් නැත්නම්..?

එක දෙයක් අමතක වුනා කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙලට දෙනවා කිව්ව උදව්වනම් ලැබුනේ නැහැ. දෙන්න බැහැ කියලා ලියුමක්වත් ආවේ නැහැ. ජාත්‍යන්තර නාට්‍ය උළෙල ඉවර වෙලා මාස තුනක් වෙනවා.

අපට නැතත් නාට්‍ය කරුවන් වෙනුවෙන් යමක් කරන්න සහෝ.....

 

494047069 9723118177777226 1520356126351904547 n

සටහන - එම්. සෆීර්

(මෙම සටහන 'Mohomed Safeer' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom