-Malintha Vithanage-
"තෝමස් කෲස් මාපෝතර්'' එහෙමත් නැත්නම් ''ටොම් කෲස්'' හොලිවුඩ් සිනමාවට කළ කාර්යය මට වචනවලින් විස්තර කරන්න බැරි තරමට දැවැන්තයි කියලා විශ්වාස කරනවා.
ටොම් කෲස් 'Mission: Impossible - Rogue Nation' (2015) චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක
බිලියන ගණන් සල්ලි උපද්දවපු බොක්ස් ඔෆිස් වාර්තා සුණු විසුණු කරපු සාමාන්‍ය නළුවෙකුට වඩා එහා ගිය අසාමාන්‍ය විදියට තරු ගුණයක් (star quality) තියෙන නළුවෙක් තමයි ටොම් කෲස් කියන්නේ. ඔහු තමන්ගේ ජීවිතයේ හොඳම අඩවිය කැප කළේ සිනමාව වෙනුවෙන්. ඔහුට දැන් අවුරුදු 63ක් වයස.
ටොම් කෲස් (නොවැ.16 ) ඇමරිකාවේ ලොස්ඇන්ජලීස්හීදි පැවැති 16 වන වාර්ෂික ආණ්ඩුකාර සම්මාන උළෙලේදී "ඔස්කාර් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවේ ඡායාරූපයක්.
ඒ කාලය ඇතුළේ ඔහු කරපු සේවයට ඊයේ (නොවැ.16) දින පැවති ඔස්කාර් සම්මාන උළෙලේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබනවා. ටොම් කියන්නේ කවදාවත් ඔස්කාර් සම්මානයක් නොදිනපු නළුවෙක්. ටොම් කියන්නේ අපේ කාලයේ ක්‍රියාදාම වීරයා. සුපිරි තරුව. තනිකරම කැරිස්මාවක්. කැරිස්මාවක් කියන්නේ ටොම්ගේ කොණ්ඩ විලාසිතාවට පිස්සු වැටිලා ඒ වගේ කොණ්ඩය හදාගන්න තරුණයෝ සෑහෙන උත්සාහ කළා.

ඒ වගේම ටොමිගේ කඩවසම් සිනහව කෙල්ලෝ උමතු වුණා. ඔහු 60 පැනපු නළුවෙන් වුනත් ඒක අදටත් එහෙම්මමයි. ඔහු තවමත් කඩවසම්. Generation Z පරම්පරාවේ සිනමා වීරයා විදියට මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ ඊතන් හන්ට් කියන චරිතයට වෙන කිසිදු නළුවෙකු ආදේශ කළ නොහැකි තරමින් තමන්ගේ ආත්මය සහ ප්‍රාණය පුද කරන්න දෙවරක් නොසිතපු ටොම් කෲස් හොලිවුඩ් සිනමාව ලෝකයේ සෑම රටකටම ප්‍රචලිත කළා. දැන් ඉන්න 2000න් පස්සේ ඉපදුණු සුකිරි බට්ල්ලෝ ටොම් කෲස්ගේ සිනමාව හරිහැටි අතපත ගාලා නෑ.

ටොම් රඟපාපු ස්ටැන්ලි කුබ්‍රික් අධ්‍යක්ෂණය කරපු ''අයිස් වයිඩ් ෂට්'' චිත‍්‍රපටය, ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ ''මිනිටර් රිපෝර්ට්'', ''ද වොර් ඔෆ් ද වර්ල්ඩ්ස්'' චිත‍්‍රපට ද්විත්වය, ''රේන් මෑන්'', ''ලාස්ට් සමුරායි'', පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ ''මැග්නෝලියා'' චිත‍්‍රපටයන් විශිෂ්ට ගණයේ චිත්‍රපට වෙනවා. මම වඩාත් ආසම රංගනයක් තමයි ''මයිකල් මෑන්'' අධ්‍යක්ෂණය කරපු ''කොලෙට්‍රිල්'' චිත‍්‍රපටය. විශේෂත්වය වෙන්නේ ටොම් ඒ චිත්‍රපටයේ කරන්නේ දුෂ්ටයාගේ චරිතය. ඔහු කරට කර රංගනයක් කරනවා ඒ චිත්‍රපටයේ ජිමී ෆොක්ස් සමඟ. මතක හිටින චරිතයක් එය.
ටොම් කෲස් 'Mission: Impossible – Dead Reckoning Part One' (2023) චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක
ඔහු 'මිෂන් ඉම්පොසිබල්' චිත්‍රපට මාලාව ඇතුළේ ක්‍රියාදාම නළුවෙක් අනන්‍යතාවයක් හදාගත්ත හැටි විස්මයාන්විතයි. 'ටොප් ගන්' චිත්‍රපටයේ කැප්ටන් පීට් මිචෙල් මව්රික් කියන අහස් යාත්‍රිකයගේ චරිතය අදටත් අතීතකාමයක්. සාමාන්‍ය උසක ගොඩනැගිල්ලක ඉඳන් ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා දක්වා ටොම් තමන්ගේ වීරක්‍රියා පෙන්නලා තියෙනවා.
ටොම් කෲස් "ඔස්කාර් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාව හා සිදුකළ අදහස් දැක්වීමේ වීඩියෝව නරඹන්න පහළින්>>>
ස්ටන්ට් නළුවෝ ටොම්ට අවශ්‍යම නැහැ. ප්ලේන් එක්ක, හෙලිකොප්ටර් එක්ක, BMW පන්නයේ අධිවෙිගි මෝටර් බයික් එක්ක හරි හරියට ඔට්ටු වෙච්ච ටොම් අහසේ, මහපාරේ, වතුර යට කරණම් ගහපු නළුවෙක්. කළ හැක්කක් නොමැත. ඔහු විසින්ම ඔීනෑම උසක් තරණය කරන්න පුලුවන් නිර්භීත නළුවෙක් කියන එක සෑහෙන වතාවකදි ඔප්පු කරලත් තියෙනවා. ෆෝර්බ්ස් සඟරාව 2006 වසරේ ටොමිව නම් කරනවා ලෝකය බලවත්ම පුද්ගලයා විදියට. ටොම් කියන්නේ නව හොලිවුඩ් සිනමාවේ විශිෂ්ට රූපණවේදියෙක්. පුරාවෘත්තයක්. යුග යුග රැව් දුන්න ටොම් කෲස් වැනි නළුවෙක් නැවත කවදාවත් හොලිවුඩ්වලින් බිහිවෙන්නේ නැහැ. ඒක තමා සත්‍යය.
සටහන -මලින්ත විතානගේ
(මෙම සටහන "Malintha Vithanage" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)













