lan englan tam

කිරි ගොවීන් ලක්ෂ පහක් එක්ව හැදූ චිත්‍රපටය - "මන්ථන්"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Chamara Sumanapala-

ඉන්දියාවේ ගුජරාටයේ කිරි ගොවීන්ගේ සමුපකාර සමිතිය වර්තමානයේ තිබෙන ස්ථානයට ඔසවා තැබීමට මුල් වූයේ ආචාර්ය වර්ගීස් කුරියන්. 1946 දී ආරම්භ වූ මෙම සමූපකාර ව්‍යාපෘතියට වර්ගීස් කුරියන් සම්බන්ධ වෙන්නෙ 1949 දි. මේ සමිතිය තමයි අද ලෝක ප්‍රසිද්ධ අමුල් ආයතනයේ අයිතිකරු වෙන්නෙ.

වර්ගීස් කුරියන් 1970 දශකයෙ මුල් කාලෙ චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍යාම් බෙනගල් සමග එක්ව වෙළෙඳ දැන්වීම් සහ වාර්තා චිත්‍රපටි කිහිපයක් නිර්මාණය කළා. නමුත් ඒවා බලාපොරොත්තු වූ තරම් ජනතාව අතරට ගියේ නැහැ.

මේ නිසා ශ්‍යාම් බෙනගල්, කුරියන්ට යෝජනාවක් කළා. "අපි සම්පූර්ණ වෘතාන්ත චිත්‍රපටයක් හදමු".

"කොච්චර මුදලක් ඕන වෙයිද?" කුරියන් ඇහුවා.

ඒ කාලෙ හැටියට සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටයක් ඉන්දියානු රුපියල් ලක්ෂ නවයකින්, දහයකින් නිපදවන්න පුලුවන් බව ශ්‍යාම් බෙනගල් කියා සිටියා.

කිරි ගොවීන්ගෙ සමූපකාර සමිතියකට ඒ වගේ මුදලක් ඒ කාලෙ තිබුණෙ නැහැ.

නමුත් ආචාර්ය කුරියන් මේ අදහස ගොවි සමිතියට දැන්වූවා.

"මේ අපේ කතාව. මිනිස්සු මේ කතාව දැනගන්න ඕන. අපි මේ චිත්‍රපටයට මුදල් යොදවන්නම්" ඔවුන් කීවා.

මේ කාලෙ ගොවි සමිතියෙ ලක්ෂ පහක් පමණ සාමාජිකයන් සිටියා. ඔවුන් සියලු දෙනා ඔවුනට ලැබෙන ඊළඟ ගෙවීමෙන් රුපියල් දෙක බැගින් අඩු කරගන්න අවසර දුන්නා. ඒ මුදලින් ශ්‍යාම් බෙනගල් චිත්‍රපටය නිර්මාණය කළා. ඒ තමයි 1976 දි තිරගත වූ මන්ථන් (Manthan).

 

 133311787 manthanfilmsstills8.jpg'මන්ථන්' (Manthan) චිත්‍රපටයේ රූප රාමුවක්  

 

මෙය 1977 දී හොඳම හින්දි චිත්‍රපටයට හිමි ජාතික චිත්‍රපට සම්මානය ලැබූ අතර 1976 වසර සඳහා ඇකඩමි සම්මාන උළෙලේ විදේශීය භාෂා චිත්‍රපටය සඳහා ඉන්දියාව නියෝජනය කළා.

 

 133316161 manthan1976filmstills 5.jpg'මන්ථන්' (Manthan) චිත්‍රපටයේ රූප රාමුවක්  

චිත්‍රපටයට ආදායම් ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. චිත්‍රපටය නිපදවීමට දායක වූ ගොවීනුත් පවුල් පිටින් පැමිණ එය නැරඹුවා.

'මන්ථන්' චිත්‍රපටය ප්‍රතිසංස්කරණය කර මෑතකදී නැවත නිකුත් කෙරුණා. යූ ටියුබ් එකෙත් දැන් ෆිල්ම් එක තියෙනවා.

 

මේ ගුජරාටයේ ලක්ෂ පහක් වූ කිරි ගොවීන් අපට කියන කතාවයි.

 

547543661 10161875146797741 8994891034939018673 n

සටහන - චාමර සුමනපාල 

(මෙම සටහන 'Chamara Sumanapala' ෆේස් බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

 

kemadasa

shungara

Back to top
Go to bottom