අපි කැමති දේවල් හැම වෙලාවෙම අපිට විඳින්න ලැබෙන්නෙ නෑ. ඒත් ඒ දේවල් විඳින්න ලැබුනොත් අපේ ඩොපමීන් වැඩි වෙලා මානසික සහනයක්, සතුටක්, ජවයක්, සැනසීමක් දැනෙනවා. මේ දේවල් වෙන්න නම් අපි කැමති දේවල් අපි දකින්න ඕනෙ.
ඉතිං මම මේ කියන්න යන්නෙ 2025 දී මගේ ඩොපමීන් වැඩි කරලා, මට පෞද්ගලිකව වැඩිම සතුටක් දුන්න දේවල් කරපු /හදපු අය අතරින් උඩින්ම ඉන්න අය ගැන.
1) Priyantha Sirikumara - අවුරුද්දක් ඇතුලත, විඳින්න පුළුවන් චරිත ගොඩක් සුපිරියටම කරලා මට දුන්න සතුටට බොහොම ස්තූතියි.

2) Pathum Nissanka - තනි ඇතෙක් වගේ, අඳුරු වළාවක තනි රිදී රේඛාවක් වගේ, රට නියෝජනය කරලා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට දක්ෂතා පෙන්නලා, ක්‍රිකට් ගැන ඇම්මක් තියන මට දුන්න සතුටට බොහොම ස්තූතියි.

3) Ilango Ram - විඳින්න පුළුවන් ලස්සන creative සංකල්පයක් වටේ, විශ්වාස කරන්න පුළුවන් මායාවක් වගේ ෆිල්ම් එකක් හදලා, සිනමාවේ ලස්සන තැන් විඳින්න බලාගෙන හිටපු මට, නෙළුම් කුළුණෙන් දුන්න සතුටට බොහොම ස්තූතියි.

4) Laka Darmarathna - සිංහල සිනමාවට වෙනස්ම විදිහේ ගැම්මක් දුන්න වාලම්පුරි නිර්මාණය කරලා, සිනමාවේ ගැම්ම විඳින්න බලාගෙන හිටපු මට දුන්න සොමියට බොහොම ස්තූතියි.
5) Thisara Imbulana - විශ්වාස කළ හැකි මායාත්මක සිනමා ලෝකය ගැන අවබෝධ කරගෙන, ආතල් බරිත මෝඩ තරිඳු ෆිල්ම් එක හදලා, මට දුන්න සතුටට බොහොම ස්තුතියි.

6) Manesha Fernando - ලස්සන එස්ප්‍රෙෂන් එක්ක, ආතල් ඉතිරිරෙන creative videos හදලා, මට දුන්න ආතල් සහිත ලල්බර සතුටට බොහොම ස්තුතියි.

7) Chathra Weeraman - අපිව මවිත කරන පුදුමාකාර සංකල්පයක් වටේ ආයු ෆිල්ම් එක පරිස්සමට නිර්මාණය කරලා, මට දුන්න සතුටට බොහොම ස්තුතියි.

මට වගේම ඔබටත්, 2025 ලස්සන කරපු පවුලේ නොවන අය ඕන තරම් ඇති. ඒ අයගෙ නම් comment කරලා, ඒ අයට thank you කියන්න.

සටහන - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.











