lan englan tam

පුවත්

විරාත් කෝලි වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

සුප්‍රකට විස්ඩන් සඟරාව වසරකට වරක් ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා නම් කරනු ලබනවා. ඒ අනුව, මෙවර ඊට සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි.

ඔහුගේ නායක්වය යටතේ ඉන්දීය කණ්ඩායම අවසන් වරට එංගලන්තයට එරෙහිව පැවැත් තරගාවලියේ දී ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 තරග සියල්ලම ජය ගැනීමට සමත් වුනා.

විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කළ තුන්වැනි ඉන්දීය ජාතිකයා වන්නේ ද විරාත් කෝලි යි. මෙයට පෙර විරේන්ද්‍ර ශෙවාග් සහ සචින් තෙන්ඩුල්කාර් වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

මෙයට පෙර විස්ඩන් සඟරාව ශ්‍රී ලාංකික ක්‍රීඩක සිදත් වෙත්තමුණි, අරවින්ද සිල්වා, සනත් ජයසුරිය, මුත්තයියා මුරලිදරන්, අර්ජුන රණතුංග, කුමාර් සංගක්කාර්, මහේල ජයවර්ධන හා ඇන්ජලෝ මැතිව්ස් විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස නම් කර තිබෙනවා.

C3wl1deW8AA8Rmh

Back to top
Go to bottom

Popular News