lan englan tam

පුවත්

72 වැනි ලෝක රූ රැජින තරඟයට සහභාගී වූ අනුදි ගුණසේකර දිවයිනට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියා.

2025 ලෝක රූ රැජින අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලංගානා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණි.

ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලිය විවිධ අංශ යටතේ පැවැත්විණි.

එම තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතර පිවිසීමේ වටයේදී තරඟයෙන් ඉවත් වීමට සිදු වුවා.

කෙසේ වෙතත් මෙවර ලෝක රූ රැජින තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුවාය.

ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවට පත් වීමට සමත් වෙමිනි.

පහතින් දැක්වෙන්නේ ඇය ලංකාවට පැමිණි අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

View the embedded image gallery online at:
https://www.mirrorarts.lk/news/11125-72-2#sigProId6b0d73e583

kemadasa

shungara

Back to top
Go to bottom