lan englan tam

පුවත්

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී මහා සංඝ රත්නය, පවුලේ ඥාතීන්, කලා කරුවන්, ඔහුට ආදරය කරන රසික ජනතාව ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර ඇතුළු දේශපාලනඥයන් රැසක් සහභාගී විය.

 

කලක් රෝගාතූරව සිටි ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වූයේ (22) වනදා රාත්‍රියේදීයි.

මිය යන විට එතුමා 84 වන වියේ පසු විය.

සිය දශක හයකට අධික කලා දිවියේ ප්‍රශස්ත රංගවේදියෙකු ලෙස මෙන්ම වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ගත් කරුවරයෙකු, තිරපිටපත් රචකයෙකු.. ආදී අංශ රාශියකින් සතිස්චන්ද්‍රයන් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අද්විතීය දායකත්වයක් ලබාදුන් කෘතහස්ථ කලාවේදියෙකි.

kemadasa

shungara

Back to top
Go to bottom