lan englan tam

පුවත්

ප්‍රසන්න විතානගේගේ සම්මානනීය “Paradise” (පැරඩයිස්) චිත්‍රපටය Netflix ගෝලීය වේදිකාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට ප්‍රවීණ සිනමා වේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “Paradise” (පැරඩයිස්) චිත්‍රපටය ‘NETFLIX’  ස්ට්‍රීමින් වේදිකාවට ඇතුළත් කිරීමට කටයුතු කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සිනමා රසිකයන්ට දැන් ‘NETFLIX’  හරහා මෙම ජාත්‍යන්තර සම්මානන දිනූ සිනමා නිර්මාණය නැරඹීමට අවස්ථාව උදා වෙනවා.

 

 

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “Paradise” (පැරඩයිස්) චිත්‍රපටය චිත්‍රපටය, ඉන්දියාවේ සුප්‍රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම ඉදිරිපත් කරනු ලැබූ අතර 'පැරඩයිස්' චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ, කේරළ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් ෆිල්ම්ස් සමාගම යි.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු යුවළක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමග ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු නළු නිළියන් පිරිසක් පැරඩයිස් චිත්‍රපටය සදහා රංගනයෙන් දායක උනා.

ශ්‍රී ලංකා - ඉන්දියානු සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වූ “Paradise” (පැරඩයිස්) චිත්‍රපටය 2023 වර්ෂයේදී තිර ගත වූ අතර,  දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ ජීසොක්(JESEOK) සම්මානය ඇතුළුව තවත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර උනා.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom