මෙරට ප්‍රවීණ බටහිර සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු වූ මැක්සි රොසයිරෝ (Maxi Rozairo) මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතූරව පසු වූ ඔහු අද(27) පෙරවරුවේ මිය යන විට (77) වන වියේ පසුවිය.
බටහිර ගීත ලාංකීය රසිකයන් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඔහු ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය.
ස්පිට්ෆයර්ස් (SPITFIRES) සංගීත කණ්ඩායම හරහා සිය ගායන දිවිය ආරම්භ කළ ඔහු, 70 දශකයේ මෙරට තුළ අතිශය ජනාදරයට පත් ඉංග්‍රීසි ගීත ගායකයෙකු විය.
පසුව ඔහු, මහෝගනී නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණය කර, බටහිර ගීත, මෙරට සංගීතලෝලීන්ට සමීප කරවීම වෙනුවෙන් විවිධ ප්‍රසංග පවත්වමින් කටයුතු කරනු ලැබීය.
දශක පහකට වඩා දිගු වූ මැක්සි රොසයිරෝ මහතාගේ සංගීත දිවිය තුළ ක්ෂේත්‍ර විශ්වාසයත් රසික ආකර්ෂණයත් නොඅඩුව දිනා ගත් ඔහු මෙරට තුළ බටහිර සංගීත කලාව පෝෂණයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ගායනවේදියෙකි.
අභාවප්‍රාප්ත මැක්සි රොසයිරෝ මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වීම උදෙසා බොරැල්ල A. F. Raymond අවමංගල ශාලාවේ එළඹෙන (දෙසැ. 30) වෙනි අඟහරුවාදා තැන්පත් කෙරෙන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු එදිනම සවස සිදුකිරීමට නියමිත යි.









