හෙළයේ ගීත කෝකිලාවිය යන නමින් විරුධාවලිය ලැබූ ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වන අතර, මිය යන විට ඇය 91 වන වියේ පසු උනා.
වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ඇය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
සිය දශක හතකට අධික ගායන දිවිය තුළ ඇය විසින් ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කොට ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත් වේ.
ඇය විසින් ගායනා කළ මෙම ගීත අතර, නමෝ මරියනී, රොන් සොයා, සතුට සෝකේ, රෑණ ගිරා, රැජින මමයි, සැළලිහිනි කොවුල්, ගලනා සීත ජලේ, පෙරදිග මුතු ඇටයයි... වැනි අමරණීය ගීත රශියක් ඇතුළත් වෙනවා.
සිනමාවේ සදාකලික “ගී රාජිණිය” ලෙසද ලතා වල්පොල මහත්මිය හැදින්වෙන අතර, 1953 වසරේ 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට එක් වුණු ඇය චිත්‍රපට 600 කට අධික ප්‍රමාණයකට සිය හඩ දායකත්වය ලබා දී තිබෙනවා.









