lan englan tam

පුවත්

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (29) කොළඹදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බුද්ධශාසන,ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන,

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම (1925-2025) සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය,

අද දින(දෙසැ.29), සවස 4.30, කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ රංගනය, අධ්‍යක්ෂණය, තාක්ෂණ ශිල්පීය දායකත්වය යනාදී ක්ෂේත්‍රවල පුරෝගාමීන් වන අයිරාංගනී සේරසිංහ, තිස්ස ලියනසූරිය සහ ඩෙරික් ප්‍රනාන්දු යන අයගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කෙරෙනවා.

1925දී “රාජකීය වික්‍රමය නොහොත් "ශාන්තා” චිත්‍රපටයෙන් ඇරඹෙන “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම (1925-2025)" වෙනුවෙන්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ප්‍රකාශනයක් වන රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සංස්කරණයක් ලෙස සිනමා විමර්ෂි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය” යනුවෙන් සිංහල සහ දෙමල භාෂා ද්වයෙන් යුතු ශාස්ත්‍රීය සංග්‍රහයක් ද මෙහිදී එළිදැක්වීමට නියමිතයි.

 

608510622 10235982830524185 7104618977259962427 n

 

75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීම සිදුකරනු ලබන්නේ සිනමා විචාරකයන්, සිනමා ලේඛකයන්, සිනමා ජනමාධ්‍යවේදීන් සහ සිනමාව පිළිබඳ ශාස්ත්‍රාලයීය පර්යේෂකයන් 150 දෙනෙකුගේ සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් ප්‍රකාශිත ජන්දයෙනි.

එකී හොඳම චිත්‍රප‌ට 25 මූලික කොටගෙන, එක් එක් දශකවල හොඳම චිත්‍රපට සහ අධ්‍යක්ෂවරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කෙරෙන්නේ 1947-2022 කාලවකවානුව තුළ තිරගත වූ සිනමා කෘති පිළිබඳව ක්‍රමවේදීය දත්ත විශ්ලේෂණ ආශ්‍රයෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom