තරුණ නිර්මාණකරුවන් පිරිසක් වන හසිත ලක්ෂාන් ප්‍රමුඛ ‘මදොව්’(Madov) කණ්ඩායම විසින් නිර්මාණය කළ නවතම කෙටි චිත්‍රපටය “Whispering Waves”(මුමුණන රැළි) දැන් යූටියුබ් (YouTube) අවකාශය වෙත නිකුත් කොට තිබෙනවා.
මෙම කෙටි චිත්‍රපටය LGBTIQ+ ප්‍රජාවට අදාළ තේමාවක් ගවේෂණය කරමින් නිර්මාණය වී ඇති අතර, විශේෂයෙන්ම (androgynous) චරිතයක් සමගින් කෙටි චිත්‍රපටයේ කතාව ගලා යනවා.
මෙහි ප්‍රධාන චරිතය හසිත ලක්ෂාන් විසින් නිරූපණය කරන අතර, ඒ සමගින් ශබ්නම් සිනෙන්, මුදිත රූපසිංහ මීට රංගනයෙන් දායක වෙනවා.
මෙහි, කැමරා අධ්‍යක්ෂණයෙන් - භානුක ප්‍රනාන්දු , සංගීත අධ්‍යක්ෂණයෙන් - ලසන්ත තාරක ජයතිලක දායක වී ඇති අතර, ඇඳුම් නිර්මාණයෙන් - ඉරුමි බණ්ඩාර, අචිනි මධුෂිකා ජයරත්න සහ මධුෂිකා උදයංගනී ද , සහය අධ්‍යක්ෂණයෙන් - රන්දුනු ප්‍රභාශ්වර සහ රවීන්ද්‍ර තාරක දායක විය.
නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ "Equite'' ආයතනයයි.
මෙම කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා, තිර පිටපත් රචකයා මෙන්ම ප්‍රධාන රංගනයෙන් ද දායක වන හසිත ලක්ෂාන් යනු, 2016 වර්ෂයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ‘වූෂු’ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම දිනූ ක්‍රීඩකයාද වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි පීඨයේ සිනමා අධ්‍යයනය පිලිබඳව උපාධිධාරියෙක් ද වන ඔහු මේ වන විට කලා ක්ෂේත්‍රයට පිවිසෙමින් අධ්‍යක්ෂවරයෙකු හා රංගන ශිල්පියෙකු ලෙස ද සිය දක්ෂතා ප්‍රකට කරනවා.
‘Madov’ කණ්ඩායම මීට පෙරද “මගේ හීනයක්” යන නමින් වෙබ් කතා මාලාවක් (MINI SERIES) නිර්මාණය කළ අතර, රෝගී නැගනියකගේ ජීවිතය වෙනුවෙන් අප්‍රතිහත කැපකිරීමක නිරත වන ආදරණීය සහෝදරයෙකුගේ සංවේදී කතා කතාවක් වූ එය බොහෝ පිරිසකගේ අවධානයට ලක්උනා.
එමෙන්ම මේ වන විට ඔවුන් කෙටි චිත්‍රපට, music video ඇතුළු නිර්මාණ රැසක් ද ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කොට තිබෙනවා.
ඔවුන්ගේ “Whispering Waves” නවතම කෙටි චිත්‍රපටය දැන් ඔබට ‘MADOV’ යූ ටියුබ් නාලිකාවට පිවිසීමෙන් නැරඹිය හැකියි.
කෙටි චිත්‍රපටය නරඹන්න පිවිසෙන්න පහළින්>>
මීට පෙර ඔහු විසින් නිර්මාණය කළ ‘මගේ හීනයක්” වෙබ් කතා මාලවේ පළමු කොටසද පහතින් ඔබට නැරඹිය හැකි අතර එහි සියළුම කොටස් ද ‘MADOV’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.









