lan englan tam

පුවත්

75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කෙරෙයි! (චිත්‍රපට ලැයිස්තුව මෙන්න)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස් සැමරුම (1925-2025) සහ 75 වසරක කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීම, ඊයේ(29)  කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටි ‘ඇසිදිසි මැදුර’ ශ්‍රවණාගාරයේදී සිදුවිණි.

බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග රාජ්‍ය සිනමා අනුමණ්ඩලය එක්ව මෙය සංවිධානය කරනු ලැබිණි.

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ රංගනය, අධ්‍යක්ෂණය, තාක්ෂණ ශිල්පීය දායකත්වය යනාදී ක්ෂේත්‍රවල පුරෝගාමීන් වන අයිරාංගනී සේරසිංහ, තිස්ස ලියනසූරිය සහ ඩෙරික් ප්‍රනාන්දු යන අයගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙහිදී, “සිනමා විමර්ෂි - ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස කලාපය” යනුවෙන් සිංහල සහ දෙමල භාෂා ද්වයෙන් යුතු ශාස්ත්‍රීය සංග්‍රහයක් ද එළිදැක්වීම සිදු විය.

75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 ප්‍රකාශයට පත් කිරීම සිදුකරනු ලැබුවේ සිනමා විචාරකයන්, සිනමා ලේඛකයන්, සිනමා ජනමාධ්‍යවේදීන් සහ සිනමාව පිළිබඳ ශාස්ත්‍රාලයීය පර්යේෂකයන් 150 දෙනෙකුගේ සැදුම් ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් ප්‍රකාශිත ජන්දයෙනි.

එකී හොඳම චිත්‍රප‌ට 25 මූලික කොටගෙන, එක් එක් දශකවල හොඳම චිත්‍රපට සහ අධ්‍යක්ෂවරු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කෙරෙන්නේ 1947-2022 කාලවකවානුව තුළ තිරගත වූ සිනමා කෘති පිළිබඳව ක්‍රමවේදීය දත්ත විශ්ලේෂණ ආශ්‍රයෙනි.

රාජ්‍ය සිනමා අනුමණ්ඩලයේ සභාපති, ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර විසින් මෙම චිත්‍රපට ලේඛනය ප්‍රකාශයට පත් කරන ලදී.

 

මතු දැක්වෙන්නේ මෙසේ ප්‍රකාශයට පත් කරනු ලැබූ 75 වසරක ශ්‍රී ලාංකේය කතානාද සිනමාවේ හොඳම චිත්‍රපට 25 සහ එම චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ නම් ඇතුළත් සටහනයි.

 

25 මිල්ලේ සොයා - බුඩී කීර්තිසේන

24 හාරලක්ෂය - ටයිටස් තොටවත්ත

23 ගොළු හදවත - ලෙස්ටර් ජේම්ස් පීරිස්

22 තුන්වෙනි යාමය - ධර්මසිරි බණ්ඩාරනායක

21 අහසින් වැටෙයි - විමුක්ති ජයසුන්දර

20 සොල්දාදු උන්නැහේ - ධර්මසේන පතිරාජ

19 රේඛාව - ලෙස්ටර් ජේම්ස් පීරිස්

18 දෙලොවක් අතර - ලෙස්ටර් ජේම්ස් පීරිස්

17 සුළඟ එනු පිණිස - විමුක්ති ජයසුන්දර

16 ඉර මැදියම - ප්‍රසන්න විතානගේ

15 සත්සමුදුර - සිරි ගුණසිංහ

14 පවුරු වළලු - ප්‍රසන්න විතානගේ

13 අහස් ගව්ව - ධර්මසේන පතිරාජ

12 මේ මගේ සඳයි - අසෝක හඳගම

11 විරාගය - තිස්ස අබේසේකර

10 පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ

09 තුංමංහංදිය - මහගම සේකර

08 පරසතුමල් - ගාමිණී ෆොන්සේකා

07 පාර දිගේ - ධර්මසේන පතිරාජ

06 දඩයම - වසන්ත ඔබේසේකර

05 හංසවිලක් - ධර්මසිරි බණ්ඩාරනායක

04 වැලිකතර - ඩී.බී. නිහාල්සිංහ

03 ගම්පෙරළිය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

02 බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ

01 නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

 

kemadasa

shungara

Back to top
Go to bottom