මීට පෙර ‘ජූලියා’ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්පත් ශ්‍රී රෝෂන් ගේ නවතම සිනමා නිර්මණය වන "FIN - (වරල්)" චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ ජෙයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා.
මහ මුහුදේ සිදුවන කිසිවකුගේ ඇස නොගැටෙන ජීවී මංකොල්ලයක් ගැනත්, ඉන් සිදුවන විනාශය ගැනත් දිවෙන වෙනස්ම කතා තේමාවක් පාදක කර ගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ.
සම්පත් ශ්‍රී රෝෂන්ගේ දෙවන සිනමා නිර්මාණය වන "එමලි" චිත්‍රපටය හරහා (නුදුරේදීම තිරගත වීමට නියමිත) සිංහල සිනමාවට එක් වූ දේවා විසිනුයි "FIN - (වරල්)" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

ඒ සමගින් යුරේනි නොෂිකා,මහේන්ද්‍ර පෙරේරා සහ පාලිත පෙරේරා.. වැනි ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

"FIN - (වරල්)"චිත්‍රපටයේ තිර රචනය රිහාන් රවීන්ද්‍ර විසින් සිදු කොට තිබෙන අතර,
කැමරා අධ්‍යක්ෂණයෙන් රංග එස් බණ්ඩාර, සහය අධ්‍යක්ෂණයෙන් සරත් සේනාරත්න, වේෂ නිරූපණයෙන් ප්‍රියන්ත දිසානායක, සංස්කරණයෙන් - රංගන සිංහාරගේ,දෘෂ්‍ය ප්‍රයෝග (Vfx) - මහේෂ් චන්ද්‍රසේන චිත්‍රපටයට දායක වෙනවා.
චිත්‍රපටයේ සංගීතය රංග දසනායක විසින් වන අතර ශෙහාන් ගලහිටියාවගේ ගී පදවලින් සහ පසන් ලියනගේ ගේ තනු නිර්මාණයෙන් "FIN - (වරල්)" චිත්‍රපටයට දායක වෙනවා.
'FIN - වරල්' හි මාධ්ය ප්රචාරණ සැලසුම් white space විසිනි.
ඉදිරියේදී ශ්රී ලංකාවේ සුන්දර මුහුදුතීර ආශ්රිතව නවීනතම තාක්ෂණික ක්රමවේද යටතේ 'FIN - වරල්' රූගත කිරීම් ඇරඹෙන්නට නියමිතයි.
මතු දැක්වෙන්නේ පසුගියදා කොළඹ ජෙයික් හිල්ටන් හෝටලයේදී පැවැති 'FIN - වරල්' චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්>>













