lan englan tam

පුවත්

කලාශූරී ලතා වල්පොලගේ දේහය කොළඹ නිදහස් චතුරස්‍රයට රැගෙන එයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවපාප්ත ‘හෙළයේ ගීත කෝකිලාවිය’ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද(31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇගේ දේහය අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනවා.

ප.ව. 2.00 ට අවමංගල්‍ය උත්සවය ආරම්භ වන අතර, ආගමික කටයුතු වලින් පසු ඇගේ දේහය භූමදාන කිරීම උදෙසා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි.

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මිය පසුගියදා (27) අසනීප තත්වයක් හේතුවෙන්  ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇය 91 වන වියේ පසු වුණි.

kemadasa

shungara

Back to top
Go to bottom