lan englan tam

පුවත්

‘හෙළයේ ගීත කෝකිලාවිය’ කලාශූරී ලතා වල්පොල අද (31) දැයෙන් සමු ගනියි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අභාවප්‍රාප්ත 'හෙළයේ ගීත කෝකිලාවිය’, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) දිනයේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ(30) ප.ව 10.00 දක්වා ඇගේ දේහය මහජන ගෞරවය සදහා බොරැල්ල ජයරත්න ගෞරව අවමංගල ශාලාවේ තැම්පත් කොට තැබුණු අතර, දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන එනු ලැබුවා.

ඒ අනුව අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා ඇගේ දේහය කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනවා.

ප.ව. 2.00 ට අවමංගල්‍ය උත්සවය ආරම්භ වන අතර, ආගමික කටයුතු වලින් පසු ඇගේ දේහය භූමදාන කිරීම උදෙසා බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි.

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මිය පසුගියදා (27) අසනීප තත්වයක් හේතුවෙන්  ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇය 91 වන වියේ පසු වුණි.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ඇය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.

සිය දශක හතකට අධික ගායන දිවිය තුළ ඇය විසින් ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කොට ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත් වේ.

ඇය විසින් ගායනා කළ මෙම ගීත අතර, නමෝ මරියනී, රොන් සොයා, සතුට සෝකේ, රෑණ ගිරා, රැජින මමයි, සැළලිහිනි කොවුල්, ගලනා සීත ජලේ, පෙරදිග මුතු ඇටයයි... වැනි අමරණීය ගීත රශියක් ඇතුළත් වෙනවා.

සිනමාවේ සදාකලික “ගී රාජිණිය” ලෙසද ලතා වල්පොල මහත්මිය හැදින්වෙන අතර, 1953 වසරේ 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට එක් වුණු ඇය චිත්‍රපට 600 කට අධික ප්‍රමාණයකට සිය හඩ දායකත්වය ලබා දී තිබෙනවා.

kemadasa

shungara

Back to top
Go to bottom