lan englan tam

පුවත්

‘Frozen 2’ පරදා ඩිස්නි ඇනිමේෂන් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට "‘Zootopia 2’ පත් වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෝල්ට් ඩිස්නි (Walt Disney) සමාගම විසින් නිෂ්පාදනය කළ “Zootopia 2” හොලිවුඩ් ඇනිමේෂන් චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.46 ක ආදායමක් උපයමින් ඩිස්නි (Disney) ඇනිමේෂන් චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවට පත්වීමට සමත්ව තිබෙනවා.

2019 වසරේදී ඩොලර් බිලියන 1.45 ක ආදායමක් ලබා පෙර වාර්තාවට හිමිකම් කී 'Frozen 2'  චිත්‍රපටය අභිබවා යාමට සමත් වෙමින්.

 

scale

 

ඒ අනුව ‘Zootopia 2’ චිත්‍රපටය මේ වන විට ඇමරිකානු දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 333 ක් සහ ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඩොලර් බිලියන 1.13 ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

 

Zootopia 2 disney

 

“Zootopia"(2016) ඇනිමේෂන් චිත්‍රපටයේ දෙවන දිගහැරුම වන “Zootopia 2” පසුගිය වසරේ(2025) නොවැම්බර් අවසන් සතියේ සිට ලොව පුරා තිර ගත වීම් ආරම්භ වූ අතර, දින 17 වැනි කෙටි කාලයක් තුළ ඩොලර් බිලියනයේ සීමාව පසු කිරීමට සමත් උනා.

එමෙන්ම මෑත වසර වල හොලිවුඩ් චිත්‍රපට බොහොමයක් අසාර්ථක වූ චීන වෙළඳපොළ තුළද මෙම චිත්‍රපටය විශාල සාර්ථකත්වයක් අත් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. චීන බොක්ස් ඔෆිස් වාර්තා අනුව පමණක් 'Zootopia 2' ඩොලර් මිලියන 500 ඉක්මවා ගිය ආදායමක් චීනය තුළ වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

 

 

නිමා වූ වසරේ (2025) "'Zootopia 2' ද ඇතුළුව ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යාමට සමත් වූයේ චිත්‍රපට තුනක් පමණක් පමණි. ඒ ඩිස්නි සමාගමේම ඩොලර් බිලියන 1.03ක ආදායමක් ඉපැයීමට සමත් වූ 'Lilo & Stitch' චිත්‍රපටය හා ඩොලර් බිලියන 2.2 කට වඩා ආදායම් උපයමින් වසරේ සර්ථකම චිත්‍රපටය බවට පත් වූ 'Ne Zha 2' චීන ඇනිමේෂන් චිත්‍රපටයයි.

මූලාශ්‍රය - Variety 

 

kemadasa

shungara

Back to top
Go to bottom