මෙරට ජනප්‍රිය යූ ටියුබ් හාස්‍යෝත්පාදක අන්තර්ගතයන් නිර්මාණකරුවන් දෙදෙනෙක් වන “ලකයි සිකයි” යන ජනප්‍රිය නාමයෙන් හැදින්වෙන,
ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) දෙදෙනාගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරන "සුරදෙටුවෝ" චිත්‍රපටය 2026 මාර්තු මස 12 වනදා සිට EAP ඇතුළු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිත බව නිවේදනය කොට තිබෙනවා.
සතුට, සිනහව නොඅඩුව තිළිණ කරන පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සිනමා නිර්මාණයක් වන "සුරදෙටුවෝ" අධ්‍යක්ෂණය කරන්නේ ලක්මාල් වීරසිරි (ලකා) විසින් වන අතර,
මීට රංගනයෙන්, ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) සමගින් ළමා නිළි නෙතිනි වීරසිංහ, ශාලිකා නදිශානි, සුගන්ධී වෝෂදී, දර්ශන් අවරාජා, සුදක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර සහ වර්නි පෙරේරා... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළු නිළියන් පිරිසක් දායක වෙනවා.
චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් රචනා කොට තිබෙනවා.
"සුරදෙටුවෝ" සිනමාපටය නිෂ්පාදනය කරන්නේ සුදේශ් මුතුනවගොන්න විසින්.
ඉතින් මාර්තු 12 නවදා සිට ළගම සිනමා ශාලාවේදී "සුරදෙටුවෝ" නරඹන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව උදා වෙනවා.










